HDFC බැංකුවේ සේවකයෝ ඇගයීමට ලක්වෙති

 ඡායාරූපය:

HDFC බැංකුවේ සේවකයෝ ඇගයීමට ලක්වෙති

HDFC බැංකුවේ වාර්ෂික සම්මාන ප්‍රදාන උළෙල, ආරාධිත අමුත්තන් රැසකගේද බැංකුවේ සියලූම සේවක මණ්ඩලයේද, සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණි.

2018 වසරේ බැංකුවේ සාර්ථකත්වය වෙනුවෙන්කැප වී සේවය කළ කාර්ය මණ්ඩලයේ සේවය ඇගයීම සඳහා මෙම උළෙල සංවිධානය කර තිබුණි.

HDFC සේවක සම්මාන ප්‍රදාන උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් බැංකුවේ සභාපති ආචාර්ය රජීව් මීවක්කළ මහතා සහභාගී වූ අතර HDFC බැංකුවේ අධ්‍යක්ෂවරුන් වන කේ.ඩී. ගුණවර්ධන මහතා, ලයනල් ජයසිංහ මහතා, එල්.එස්. පලන්සුරිය මහතා සහ එන්.විජෙයනාදන් මහතාද, ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි පාලිත ගමගේ මහතාද, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.කේ. නම්බියාරූරන් මහතාද, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සියලුම සාමාජිකයින්ද, ප්‍රාදේශීය කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන් ඇතුළු බැංකුවේ සෙසු නිලධාරීන්ද ඊට සහභාගී වූහ.

මෙහි දී, වසර 25ක සේවා කාලය ඉක්මවා දැනටද සේවයේ නියුතු, HDFC බැංකුව වත්මන් තත්ත්වය දක්වා රැගෙන ඒමට කටයුතු කළ හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයන් 57 දෙනකු සඳහා සම්මාන ප්‍රදානය කෙරිණි.

බැංකුවේ ජංගම බැංකු සේවාව පිළිබඳ විශිෂ්ටතම කාර්ය සාධනය හඳුනා ගැනීම සඳහා ප්‍රදානය කළ සම්මාන අතුරින් ප්‍රථම ස්ථානය යාපනය ශාඛාවේ වී. ගෞතමන්, දෙවන ස්ථානය පිළියන්දල ශාඛාවේ එච්.එම්.ඒ.එල් සඳරුවන් සහ තුන්වැනි ස්ථානය මහනුවර ශාඛාවේ කේ.ජී.ජේ.ඒ. බණ්ඩාර දිනා ගත්හ.

HDFC බැංකුවේ වසරේ විශිෂ්ටතම ශාඛාව සඳහාත් සංවර්ධන ණය අංශයේ විශිෂ්ටතම කාර්ය සාධනය සඳහාත් ණය අනුමත කිරීමේ ඉහළම කාර්ය සාධනය සඳහාත් අකී‍්‍රය ණය කළමනාකරණයේ කාර්යක්ෂමතාව සඳහාත් වන සම්මානවලින් පිදුම් ලැබීමට නුගේගොඩ ශාඛාව සමත් විය.

ඇඹිලිපිටිය ශාඛාව, ලීසිං අංශයේ ඉහළම කාර්ය සාධනය සඳහා ජයග්‍රහණය ලබා ගත් අතර රන් ණය අංශයේ විශිෂ්ටතම කාර්යසාධනය සඳහා කිරිබත්ගොඩ ශාඛාව සම්මානයට පාත්‍ර විය. කොළඹ ශාඛාව තැන්පතු අංශය තුළින් විශිෂ්ටතම ශාඛාව වූ අතර ජාඇල ශාඛාව සම්මාන ලබා ගත්තේ ඉතිරිකිරීම් අංශයේ ඉහළම දායකත්වය ලබාදීමෙනි. කාර්ය මණ්ඩල කාර්යක්ෂමතාව සඳහා වු සම්මාන ලබාගත්තේ පිළියන්දල ශාඛාවයි.

මෙයට අමතරව HDFC‍ බැංකුවේ ශාඛාවන් ශ්‍රේණි අනුව ඇගයීමට පාත්‍ර විය. නුගේගොඩ ශාඛාව D ශ්‍රේණිය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. C ශ්‍රේණිය යටතේ හොරණ ශාඛාව සම්මානයෙන් පිදුම් ලැබූ අතර මහනුවර හා කලුතර ශාඛාවන් B ශ්‍රේණිය යටතේ සම්මාන ලබා ගන්නා ලදී. මෙහි දී A ශ්‍රේණිය යටතේ සම්මානය හිමිකර ගනු ලැබුවේ කොළඹ ශාඛාවයි.

මාතෘකා