සම්පත් Earth Watchman Initiative රුක් රෝපණ ව්‍යාපෘතිය අරඹයි

 ඡායාරූපය:

සම්පත් Earth Watchman Initiative රුක් රෝපණ ව්‍යාපෘතිය අරඹයි

එළැඹෙන 2019 ලෝක ක්‍රිකට් කුසලානයට සමගාමීව සම්පත් බැංකුව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සමඟ අත්වැල් බැඳ ගනිමින් Earth Watchman Initiative රුක් රෝපණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පිති නිපදවීමට ගන්නා ගස් සිටුවීම තුළින් ශ්‍රී ලාංකිකයන්ට ස්වභාවධර්මයට ආපසු යමක් ලබාදීමට අවස්ථාව ලබා දේ.

2019 මැයි මාසයේදී පැවැත්වෙන ලෝක කුසලානයට සමගාමීව ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයන්ද සහයෝගය පළ කරන්නන්ද සහභාගි කරවා ගනිමින් දිවයින පුරා පැළ මිලියන 2කට අධික ප්‍රමාණයක් සිටුවීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ආරම්භක පියවරෙහි එකම අනුග්‍රාහකයා ලෙස සම්පත් බැංකුව කටයුතු කරන අතර කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එහි සමාරම්භය සනිටුහන් කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙහි පළමු පැළය රෝපණය කරන ලද අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයන්, යාපනය විශ්වවිද්‍යාලය, සම්පත් බැංකුව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව යන ආයතනයන්හි නියෝජිතයෝද ඊට එක්ව සිටියහ.

"වගකිව යුතු ආයතනයක් වශයෙන් සම්පත් බැංකුව සැමවිටම පරිසර සංරක්ෂණයට කැපවී කටයුතු කරනවා. ඒ අනුව යමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව මෙම වැඩසටහනට සම්බන්ධ වීමට ලැබීම ගැන අප අතිශයින් සතුටට පත් වෙනවා" යනුවෙන් සම්පත් බැංකුවේ ජේ‍ෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - පාරිභෝගික බැංකුකරණ, තාරක රන්වල මහතා පැවැසීය.

1987 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සම්පත් බැංකුව, නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශ හේතුවෙන් මේ වනවිට මෙරට වාණිජ බැංකුකරණ වෙළෙඳපළ තුළ ප්‍රමුඛතම බැංකුවක් ලෙස ජනතා ප්‍රසාදයට ලක්ව සිටී. පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සැකසූ අසමසම මූල්‍ය විසඳුම්, විශිෂ්ට සේවා සහ මූල්‍ය සේවා සඳහා පාරිභෝගිකයාට හිමි කරදී ඇති පහසුව සමඟින් සම්පත් බැංකුව මෙරට සුවහසන් පිරිසකගේ විශ්වසනීය බැංකු සහකරු බවට පත්ව ඇත.

මාතෘකා