ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි තෑගි දිනූ ජයග්‍රාහකයෝ

 ඡායාරූපය:

ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි තෑගි දිනූ ජයග්‍රාහකයෝ

ජාතික ලොතරැයි මණ්ඩලය යනු වසර 50කටත් අධික කාලයක් තිස්සේ මෙරට සංවර්ධනයට දැවැන්ත ශක්තියක් දෙමින් මහජන විශ්වාසය අති ඉහළින් දිනා ගනිමින් රටේ දස දෙසින් ජයග්‍රාහකයන් බිහි කරමින් අභිමානවත් ගමනක නියැලෙන ආයතනයකි.

මේ වසරේ ඉතා කෙටි කාලයක් තුළ දැවැන්ත සුපිරි තෑගි දිනා ගත් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් හා රුපියල් ලක්ෂ 20, රුපියල් ලක්ෂ 10 ප්‍රථම තෑගි දිනාගත් ජයග්‍රාහකයෝ විශාල පිරිසක් පසුගියදා තමන් දිනාගත් තෑගි සඳහා වූ චෙක්පත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය නීතිඥ ශාමිලා පෙරේරා මහත්මියගේ සුරතින් ලබා ගත්හ. එහිදී විශේෂ දිනුම් වාර ඔස්සේ යතුරුපැදි දිනාගත් ජයග්‍රාහකයන්ටද එදින තම ත්‍යාග ලබාගැනීමට අවස්ථාව හිමිවිය.

එම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව, අධ්‍යක්ෂ සුදත් ලොකුලියනගේ හා අධක්ෂ චරිත් විජේවර්ධන, සාමාන්‍යධිකාරී ගීතා විමලවීර, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍ය තේජ, ප්‍රධාන මූල්‍ය නිලධාරී ආචාර්ය හර්ෂ බණ්ඩාර යන මහත්ම මහත්මීහූ සහභාගි වූහ.

මාතෘකා