‘හොඳම වෙෙළඳ මූල්‍ය බැංකුව’ ඒෂියන් බෑන්කර් සම්මානය කොමර්ෂල් බැංකුවට

 ඡායාරූපය:

‘හොඳම වෙෙළඳ මූල්‍ය බැංකුව’ ඒෂියන් බෑන්කර් සම්මානය කොමර්ෂල් බැංකුවට

පසුගියදා බැංකොක් නුවර පැවැති 2019 ඒෂියන් බෑන්කර් ට්‍රාන්සැක්ෂන් සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික බැංකුකරණ අංශය, නවීන් සූරියආරච්චි මහතා (වමේ සිට දෙවැන්නා බැංකුවට හිමිවූ සම්මානය ලබාගත් ආකාරය.

වෙෙළඳපොළ කොටස වැඩිකර ගැනීමට තිබෙන තරගකාරීත්වය සහ මූල්‍ය සේවා කර්මාන්තයේ සේවා සහ මෙහෙයුම් විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ඒෂියන් බෑන්කර් ට්‍රාන්සැක්ෂන් අවෝර්ඩ්ස් 2019 සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම වෙෙළඳ මූල්‍ය බැංකුව’ යන සම්මානය දිනා ගත්තේය.

මෙහිදී ඒෂියන් බෑන්කර් විසින් කොමර්ෂල් බැංකුවට මෙම ගෞරවණීය සම්මානය ලබාදීමට පෙර විගණනය පදනම් කරගත් ප්‍රවේශය මත බැංකුවේ මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙෙළඳ මූල්‍යකරණය පිළිබඳ ජයග්‍රහණ ඇගයීමට ලක් කළේය. බැංකුව පසුගිය වසරේද මෙම සම්මානය ජයග්‍රහණය කිරීමට සමත්විය.

ඒෂියන් බෑන්කර් සම්මානය ලබාදීමේදී සම්මානය ලබාදීම සඳහා ඉල්ලුම්කරුවන් පිළිබඳ අදහස් දැක්විය හැකි සියලුම පාර්ශ්වයන්හි ප්‍රතිචාර සැලකිල්ලට ගනී. මේ සඳහා ගෝලීය නායකයන් සහ විෂය පිළිබඳ විශේෂඥයන් සහ උපදේශකයන්ගෙන් යුක්ත මණ්ඩලයක් පත්කර තිබේ.

කොමර්ෂල් බැංකුවේ වෙෙළඳ මූල්‍ය සේවා භාවිත කරන දේශීය ආයතනවල සමීක්ෂණයක්, තරගකරුවන්ගේ වෙ‍ෙළඳපොළ කොටස වෙනස්වීම පිළිබඳ ඇගයීමක්, බැංකුවේ සමස්ත ව්‍යාපාරික කටයුතුවලින්, ගනුදෙනු ව්‍යාපාරයට හිමි උපායමාර්ගික වැදගත්කම සහ එහි ප්‍රමාණය, සමස්ත ආදායම සඳහා ගනුදෙනු ව්‍යාපාරයේ දායකත්වය, ව්‍යාපාරයේ වර්ධනය වෙමින් තිබෙන මූල්‍යමය වටිනාකම, ප්‍රධාන සහ වර්තමාන ගනුදෙනු පදනම සහ කාර්යක්ෂමතාව සහ පිරිවැය කළමනාකරණය තුළින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන වාසි ඇතුළු කරුණු මෙම සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමේදී ඒෂියන් බෑන්කර් විසින් සලකා බලා තිබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර 846ක් සහ බැංකු ශාඛා 266ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසරවලදී ප්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

මාතෘකා