මංගල දිවිය විචිත්‍රවත් කරන නවතම ආභරණ එකතුවක් රාජා ජුවලර්ස් වෙතින්

 ඡායාරූපය:

මංගල දිවිය විචිත්‍රවත් කරන නවතම ආභරණ එකතුවක් රාජා ජුවලර්ස් වෙතින්

මනාල මනාලියන්ගේ මංගල සිහින සැබෑ කරමින් උදා වී ඇති මංගල උත්සව සමයට නවතම මෝස්තරවල මංගල ආභරණ එකතුවක් එළිදැක්වීමට රාජා ජුවලර්ස් කටයුතු කළේය. මේ නව මංගල ආභරණ එකතුවට මංගල මාල, මුදු, වළලු, කරාබු, තැල්ල ආදී සියලුම ආභරණ ඇතුළත්ය. රුපියල් 63, 000 සිට ඉහළට මංගල මාල මිලදී ගත හැකිය. රාජා ජුවලර්ස් හඳුන්වා දුන් මෙම නවතම මංගල ආභරණ එකතුව මංගල දිනයේ ආකර්ෂණීය බව සහ සිත්ගන්නාසුලු බව තවත් වර්ධනය කරනු නිසැකය.

ජාත්‍යන්තර ප්‍රවණතා හා නවතම ආකර්ෂණීය විලාසිතා අනුව කැරට් 22 රත්රන්, මැණික් සහ දියමන්ති වැඩ දැමූ ආභරණ නිපදවන රාජා ජුවලර්ස් ඒවාට ජීවිත කාලයක වගකීමක් දෙමින් ශ්‍රී ලාංකේය මනාලියන් සුන්දර ලෙස හැඩ ගන්වන්නට දායක වෙයි. මාස 60 දක්වා පොළීි රහිත ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පහසුකම් යටතේ මෙම ආභරණ මිලදී ගත හැකිය. 1928 දී කොළඹ චැතැම් වීදියේ ඊ.එම්. ප්‍රනාන්දු මහතා ආරම්භ කළ ඊ.එම්. ප්‍රනාන්දු ජුවලර්ස් අති සාර්ථක ගමනක යෙදුණු අතර 1962 දී ඔහු පුත් රාජා ප්‍රනාන්දු මහතා තවත් පියවරක් ඉදිරියට තබමින් එය රාජා ජුවලර්ස් ලෙස නම් කළේය. ඉන් පසු රාජා ප්‍රනාන්දු මහතාගේ දරුවන් වන තුන්වැනි පරපුර නියෝජනය කරන අශෝක එලියපුර සහ අතුල එලියපුර රාජා ජුවලර්ස් සීමිත වගකිීම් සහිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කළහ. මැණික් හා ස්වරණාභරණ අධිකාරිය සංවිධානය කළ ජනාධිපති රාජ්‍ය සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, ඉහළම ප්‍රමිති මුද්‍රා තැබූ ස්වර්ණාභරණ ආයතනය, විශිෂ්ටම රන් ආභරණ නිර්මාණය සහ පළපුරුදුම මැණික් කැපීමේ ශිල්පියා සඳහා වන ජනාධිපති රන් සම්මාන සතරකින් පිදුම් ලැබීමට රාජා ජුවලර්ස් සමත් විය.

මාතෘකා