SLIM Brand Excellence 2019

 ඡායාරූපය:

SLIM Brand Excellence 2019

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන මෙරට අලෙවිකරණ ‍ක්ෂේත්‍රයේ විශිෂ්ට සන්නාමයන් ජාතික මට්ටමේ ඉහළම සම්මානයට පාත්‍රවන, ශ්‍රී ලංකාවේ පුමුඛතම සම්මාන උ‍ෙලළක් වන SLIM Brand Excellence අඛණ්ඩ 18 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. එය කොළඹ Hilton Residence හී 2019 ජුනි මස 20 වැනිදා පැවැති මාධ්‍ය හමුව හා සමගාමීව දියත් කෙරුණු අතර එහි සම්මාන ප්‍රදානෝත්සවය, ‘Catapult your brand…beyond!’ යන තේමාව පෙරදැරිව මෙම නොවැම්බර් මාසයේ ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ඒ අනුව රට පුරා විහිද විසිර පවතින ආයතන සඳහා සිය සන්නාමයන් වෙනුවෙන් ජුලි 19 වැනිදාට ප්‍රථම මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන මෙන් SLIM ඉල්ලා සිටියි. ඒ සඳහා ඉදිරිපත්වන්නන් වෙනුවෙන් විශේෂ වැඩමුළු මාලාවක් ජූනි මස 27 වැනිදා ක්‍රියාත්මක කිරීමටද සංවිධායකයන් විසින් කටයුතු යොදා තිබේ.

සමෙවර සම්මාන උලෙළ පිළිබඳ අදහස් දක්වමින් SLIM සභාපති සුරංජිත් ස්වාරිස් මහතා පැවසූයේ පෙර වසරේ දී මෙන්ම මේ වසරේදීත් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන බවයි. තවද ඒ මහතා "පසුගිය වසරවලදී වගේම මේ වසරේදීත් සාර්ථක සම්මාන උළෙලක් පවත්වන්නට සම්මාන උත්සව සංවිධායක කමිටුවේ දායකත්වය ලැබෙන බව මා විශ්වාස කරනවා. අපි සියලු දෙනා එකමුතුව දේශීය ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙවර සම්මාන උලෙළ සාර්ථකව පවත්වමු." යැයි මාධ්‍ය හමුවේ දී පැවැසීය.

අලෙවිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය දිරිගැන්වීමේ අරමුණින් යුතුව SLIM Brand Excellence සම්මාන උලෙළ අඛණ්ඩව පවත්වන බවත් දේශීය මෙන්ම ජාත්‍යන්තර සන්නාමයන් සියල්ලට ශ්‍රී ලංකාව තුළ නිසි පිළිගැනීමකට ලක්වීම සඳහා මෙය අගනා අවස්ථාවක් බවත් SLIM Brand Excellence 2019 හි ව්‍යාපෘති සභාපති අහමඩ් අරූස් මහතා අදහස් දක්වමින් පැවැසීය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමඟ උද්ගතව ඇති පසුගාමී ආර්ථික ස්වරූපය වෙනස් කරමින් නැවතත් රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමේ ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නට මෙවර සම්මාන උලෙළ පාලමක් බවට පත් කරගන්නට SLIM කණ්ඩායම වෙහෙසෙන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.

මාතෘකා