ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙතින් 'SLT muve' නවතම Smart ප්‍රවාහන සේවය හඳුන්වා දෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙතින් 'SLT muve' නවතම Smart ප්‍රවාහන සේවය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම්, සම්බන්ධිත සාම්ප්‍රදායික ටැක්සි රථ සේවා කර්මාන්තය සහ ප්‍රවාහන ක්‍ෂේත්‍රය විප්ලවීකරණයකට ලක්කරමින් සිය ඩිජිටල් සේවා අනුබද්ධිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් ඩිජිටල් ඉන්ෆො සර්විසස් පුද්ගලික සමාගම (SLTDS) සමාගම හරහා SLT muve නම් නව පරපුරේ Smart ප්‍රවාහන සේවය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දියත් කරයි.

පසුගියදා (ජුනි 11) කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවැති විශේෂ උත්සවයකදී SLTDS විසින් මෙම නව්‍යකරණ ප්‍රවාහන සේවාව නිල වශයෙන් එළිදැක්වීම සිදු කරන ලදි. කොළඹ නගරය හා බස්නාහිර පළාත ආවරණය වන අයුරින් මාස කිහිපයක් පුරා සිදුකරන ලද සාර්ථක අත්හදාබැලීම්වලින් පසු 'SLT muve' Smart ප්‍රවාහන සේවය ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ.

"SLT muve' යෙදුම සිය රියැදුරු සහකරුවන්ට, රට තුළ පවත්නා මෙම සේවාවට සමාන වෙනත් කිසිදු සේවාවක් සමඟ සම කළ නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමි වන හවුල්කාරීත්වයක් ලබාදී ඇත්තේ මගීන්ටද පහසු මිල ගණන් සහිත ආරක්ෂාකාරී සහ විශ්වාසදායී අත්දැකීමක් ලබා දෙමින් වීම විශේෂත්වයකි.

සාධාරණත්වය, විශ්වසනීයත්වය, ගුණාත්මකභාවය හා මුදල් පිළිබඳ වටිනාකම වටා මෙම කර්මාන්තයේ ඇති ගැටලු නිරාකරණය කිරීම මෙම නවෝත්පාදනයේ අරමුණයි. ශක්තිමත් යෙදුම හා රියැදුරන් හා මඟීන් වෙනුවෙන් 24 පැයේ ක්‍රියාත්මක වන සහාය මධ්‍යස්ථානය, ශක්තිමත් පුද්ගලික දත්ත ආරක්‍ෂණ ක්‍රමය, රියැදුරු පුහුණුව, පිරිසුදු හා ආරක්ෂාකාරී වාහන හා මගීන්ට තම ගමන් විස්තරය පවුලේ අය සමඟ හෝ යහළුවන් සමඟ බෙදාහදා ගැනීමට ඇති හැකියාව මඟින් එම ගැටලු අභිභවා යන්නට 'SLT muve' සමත් වී තිබේ.

මූලික සම්බන්ධතාව ලබාදීමේ සිට වර්තමානයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අවබෝධය ලබාගැනීමට නිරන්තරයෙන් වෙනස් වන තාක්‍ෂණයන් යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් වසර 160කටත් වැඩි කාලයක් පුරා අවස්ථාව නිර්මාණය කරමින් හා ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අභිලාෂයන් සැබෑ කරයි. වර්තමානයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, සන්නිවේදන සේවා සැපයුම්කරුගේ භූමිකාවේ සිට ඩිජිටල් සේවා සැපයුම්කරුගේ භූමිකාව දක්වා සංක්‍රමණය වෙමින් ජාතියේ වැඩිම තෝරා ගැනීමක් සහිත ජීවනරටා සහකරු වීමේ පරිවර්තනීය ගමනකට උරුමකම් කියයි.

සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා විසින් හඳුන්වා දෙන ලද 'SLT muve' ප්‍රවාහන විසඳුම දියත් කිරීමේදී (Smart Transportation Platform) අදහස් දැක්වූ muve ඔස්ට්‍රේලියා සම නිර්මාතෘ හා අධ්‍යක්‍ෂ වජිර ජයසූරිය මහතා 'සමාජීය වගකීමක් ඇති සමාගමක් විදියට අප සමාගමේ සේවය කරන්නන් හා අප විසින් ලබා දෙන සේවයන් ලබාගන්නා පුද්ගලයන් පාර්ශ්වකරුවන් විදියට අපි සලකනවා. අපට වගකීමක් තිබෙනවා සාධාරණ වෙන්න වගේම අපත් එක්ක බැඳෙන සියලු දෙනාට ආපසු යමක් ලබා දෙන්න. ශ්‍රී ලංකාවට විවිධාංගීකරණය වූ ජංගම අවශ්‍යතා, ව්‍යාපාර හිතකර වටපිටාවක් හා සියල්ල ඇතුළත් සංස්කෘතියක් තිබෙන බව මා විශ්වාස කරනවා' යැයි පැවැසීය.

දේශීය ප්‍රවාහන සහකරු අවකාශයේ දැනට සිටින සැපයුම්කරුවන් අභිබවා ටෙලි සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා විසින් හඳුන්වාදෙන ලද SLT muve පළමු වරට රියැදුරන් හා මගීන් වෙනුවෙන් සුවිශේෂ පරාසයක විශේෂාංග හා විකල්පයන් ලබාදීමේ පුරෝගාමියා බවට පත්ව තිබේ. SLT muve හි මූළික වෙනස්කම් ලෙස යෙදුම (mobile app) තුළ ඇති විශේෂාංග, මොබිටෙල් ජාලය හරහා දත්ත රහිත ප්‍රවේශය ඇතුළුව මොබිටෙල් PEO TV සේවාවන් මඟින් හිමි වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සහයෝගිතාවයේ ප්‍රතිලාභ සහ ආයතනික හවුල්කාර සේවා, මූල්‍යය, රක්ෂණ හා වෙනත් අදාළ සේවාවන් හැඳින්විය හැක.

'උසස් තත්ත්වයේ, ආරක්ෂාකාරී සහ ලාභදායී ප්‍රවාහන ක්‍රමයන් සඳහා වෙළෙඳපළෙහි පරතරයක් තිබෙන බව අපි විශ්වාස කරනවා. මෙම සේවාව ආරම්භයේදී කොළඹ ප්‍රදේශයට වැඩි අවධානයක් යොමුකරලා පසුව අපි වැඩි ඉල්ලුමක් සහිත වෙනත් ප්‍රදේශ දක්වා මෙය ව්‍යාප්ත කරනවා. වසර 160ක් පුරා විශ්වසනීය සමාගමක් වශයෙන් අප ඇත්ත වශයෙන්ම බැඳී සිටිනවා අපගේ රියැදුරු සහකරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. අපට අපගේ රියැදුරන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයි. අප සක්‍රීයව විනයානුකූල සිහි විපරම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. විනිවිදභාවයක් ඇති රියැදුරු ක්‍රියාත්මක ව්‍යුහය අපගේ යෙදුමේ ඇති සුවිශේෂී විශේෂාංගයක් බවට පත් වේවි. ඒ වගේම නිරන්තර රියැදුරු පුහුණුව හා රියැදුරු පක්ෂපාතී වැඩසටහන් අප ව්‍යාපාරයට සුවිශේෂිභාවයක් එක් කරනවා. මගිීන් වෙනුවෙන් වැඩි දියුණු කළ වාහන තත්ත්ව කොන්දේසි ප්‍රතිපත්තිය ලබා දෙන අතරම මගීන්ගේ ආරක්ෂාව අප සතු මූලික වගකීමක් ලෙස සලකනවා. පක්ෂපාතී බව ගොඩනැඟීමට නම් අප සන්නාමය තුළ තබා ඇති විශ්වාසය වසර ගණනක් පුරා රැකගැනීමට අවශ්‍යයි' යැයි ශ්‍රී ලංකා ටෙලිකොම් Digital Info Services හි ප්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මාතෘකා