30 වැනි සංවත්සරයට කැන්ගරු කැබ්ස් වෙතින් විදුලි කුලී රථ සේවාවක්

 ඡායාරූපය:

30 වැනි සංවත්සරයට කැන්ගරු කැබ්ස් වෙතින් විදුලි කුලී රථ සේවාවක්

ශ්‍රී ලංකාවේ කුලී රථ සේවා සැපයීමේ ප්‍රමුඛයා සහ දැවැන්තයා වන කැන්ගරු කැබ්ස් සමාගම සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරමින් "ගෝ ග්‍රීන්" සංකල්පය මත පදනම්ව සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෝටර් රථ හඳුන්වා දෙයි. 2588588 අංකයත් සමඟ මතකයට නැ‍ඟෙන කැන්ගරු කැබ්ස් වර්ථමාන කුලී රථ වෙළෙඳපොලේ 70%ක කොටසකට හිමිකම් කිියයි.

ISO 9001:2015 තත්ත්ව සහතිකය ලැබූ ඔවුන්ගේ සේවා අතරට 0112588588 කුලී රථ සේවය, 0112501501 වෑන් රථ සේවය, 0112592592 බජට් ටැක්සි සේවය, 0112801801 සිටි ටැක්සි සේවය හා 0112592592 ත්‍රිරෝද සේවය ඇතුළත් වේ.

1988 දී ඇරැඹූ කැන්ගරු කැබ්ස් මගී අවශ්‍යතා හඳුනා ගනිමින් නව තාක්ෂණ ක්‍රම සහිතව පැය 24 පුරාම ඇමතුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරන අතර පාරිභෝගික කැමැත්ත පරිදි වාහන වෙන් කිරීමට මොබයිල් ඇප් එකක්ද (ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ස්ටෝර්) හඳුන්වා දී ඇත. 2012 දී දියත් කෙරුණු වෙබ් අඩවියත් සමඟ වට්ස් ඇප්, ස්කයිප් හරහා වාහන වෙන් කළ හැකි එකම කුලී රථ සේවය වන්නේද කැන්ගරු කැබ්ස්ය.

මාතෘකා