AIA රක්ෂණ සමාගමේ සියවස් සැමරුමට ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමේ සියවස් සැමරුමට ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය

ආසියාවේ සුවහසක් ජනතාවට රැකවරණය සලසන AIA ඉන්ෂුවරන්ස්, තම සමාගමට සියවසක් පිරීම සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය දක්වමින් කටයුතු කරයි.

මෙහිදී 2019 වසර තුළ අලෙවි කෙරෙන සෑම ජීවිත රක්ෂණ සැලසුමක් වෙනුවෙන්ම රුපියල් 100 බැගින් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පිරිනැමීමට, AIA රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙය

ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත උදාකර දීමේ උතුම් කර්තව්‍යය උදෙසා AIAහි කැපවීම සනිටුහන් කිරීමේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.

ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවෙහි ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් මෙලෙස එක්රැස්වන අරමුදල් පිළිකා ප්‍රතිකාර සහ පිළිකා මර්දනය මෙන්ම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

AIAහි ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් බැනර්ජි මහතා මෙසේ පැහැදිලි කළේය. "පිළිකා වැනි බෝ නොවන රෝග ශ්‍රී ලංකා ජනසමාජය තුළ මහත් බලපෑම් ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණවලින් 75%ක හේතු වන්නේ මෙම බෝ නොවන රෝග වන අතර ජාත්‍යන්තර වශයෙන් මෙම ප්‍රතිශතය 63%ක් ලෙස වාර්තා වෙනවා. අප සමාජයේ සෞඛ්‍යය හා සුවතා මට්ටම් යහපත් තත්ත්වයකට ගොඩනැඟීමට පංගුකාරිත්වය දැරීම අප සමාගමේ ප්‍රමුඛතාවක්. එබැවින් වර්තමාන සමාජයට පමණක් නොව, අනාගත පරපුර සඳහාද යහපත් පසුබිමක් ගොඩනැඟීම අපගේ වගකීමක් ලෙස අප සලකනවා".

මාතෘකා