පිරිමැසුම්දායක TVS Sports 100 යතුරුපැදිය

 ඡායාරූපය:

පිරිමැසුම්දායක TVS Sports 100 යතුරුපැදිය

TVS සමාගමේ නවතම පිරිමැසුම්දායක යතුරුපැදිය වන TVS Sport 100 යතුරුපැදිය මෙරටට හඳුන්වාදීම පසුගිය දා සිදු විය. මෙය ඉතාමත් ඉහළ මට්ටමේ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත යතුරුපැදියක් ලෙස සැලකේ.

TVS Sport 100 යතුරුපැදිය හඳුන්වාදීමේ උත්සවයේදී අදහස් දක්වමින් TVS Motor Companyහි ජේ‍ය්‍යෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර ව්‍යාපාර) ආර්. දිලිප් මහතා මෙසේ පැවසීය.

"දැනටමත් අතිශයින් ජනප්‍රිය වී ඇති TVS Sport 100 යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක්. ලොව පුරා වෙසෙන මිලියන 2.5කට අධික පාරිභෝගිකයන් පිරිසක් වෙනුවෙන් මෙම යතුරුපැදිය හඳුන්වාදී තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ යතුරුපැදි භාවිතය වේගයෙන් ඉහළ යමින් පවතින අතර මෙවැනි පසුබිමක් තුළ දිගු දුර ධාවනයට ඉතාමත් සුදුසු ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහිත යතුරුපැදියක් ලෙස මෙය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වේවි. "

ඕල් ගියර් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්, පියවර 5කට වෙනස් කළ හැකි ෂොක්-ඇබ්සෝබර් (පසුපස) සහ 7.8 PS බලයක් සහිත 100CC Duralife එන්ජිම ඇතුළු විශේෂාංග රැසක් TVS Sport 100 යතුරුපැදියෙහි අඩංගුය. එමෙන්ම එහි ආරක්ෂාව වෙනුවෙන් Synchronized Braking Technology (SBT) නම් තිරිංග තාක්ෂණය යොදා ඇත. ඒකාබද්ධ තිරිංග පද්ධතියක් වන මෙය ඉදිරිපස සහ පසුපස තිරිංග එකවර ක්‍රියාත්මක කරවන නිසා වඩාත් හොඳ තිරිංග පාලනයක් ලැබෙන අතර තිරිංග යෙදීමේදී ලිස්සා යාමේ අවදානම අවම වේ.

මාතෘකා