ෆැෂන් බග් දෙවන වරටත් Great Place to Work ගෞරව සම්මානය දිනයි

 ඡායාරූපය:

ෆැෂන් බග් දෙවන වරටත් Great Place to Work ගෞරව සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ ඇඟළුම් සන්නාමයක් වන ෆැෂන් බග් අඛණ්ඩව දෙවෙනි වරටත් 'Great Place to Work' වර්ගීකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 25 අතරට තේරී පත්ව තිබේ. එමෙන්ම හෘදයාංගම ආයතනික සංස්කෘතියක් තුළ සුදුස්සාට සුදුසු තැන ලැබෙන තෘප්තිමත් සේවා පරිසරයක් ගොඩනංවා තිබීම වෙනුවෙන් මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී ගෞරව සම්මානයද ෆැෂන් බග් වෙත හිමිවීම විශේෂත්වයකි.

සේවා ස්ථානයකට පැමිණෙන සේවක මහත්ම මහත්මීන් දිනයේ වැඩි කාලසීමාවක් ගතකරනු ලබන්නේ ආයතනය තුළ රාජකාරි කටයුතුවල නිරතවෙමිනි. මේ පිළිබඳ ඉතා හොඳින් අවබෝධ කරගත් ෆැෂන් බග් කළමනාකාරීත්වය, ආයතනය හා තමා යනු දෙපාර්ශ්වයක් නොව එකම කාසියේ දෙපැත්ත මෙන් එකිනෙක සබැඳුනු දෙපිරිසක් බව තම කාර්ය මණ්ඩලය වෙත වටහා දීමට සමත්ව සිටියි. කාර්ය මණ්ඩලය තුළ සිටින සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය සාර්ථකත්වය යනු ෆැෂන් බග් සාර්ථකත්වය බව වටහා ගත් කළමනාකාරීත්වය සිය කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් ශක්තිමත් කරනු ලබයි.

දේශීය ආර්ථිකය නගාසිටුවන ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස එදාමෙදාතුර රැකියා අවස්ථා රැසක් බිහි කළ ෆැෂන් බග් කිසිවිටෙක ස්ත්‍රී/පුරුෂ භේද, ජාති භේද ආගම් භේද ආදී කිසිදු භේදයකින් තොරව කිසිවක් නොතකා සැමට සම සෙනෙහසින් ගෞරවයෙන් සියළු ප්‍රතිලාභ අත්කර දීමෙහිලා කීර්තිමත්ය. සැමවිටම උත්තරීතර මනුෂ්‍යත්වයට ගරු කරන ෆැෂන් බග් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ටද රැකියා අවස්ථා සම්පාදනය කිරීමෙහිලා කිසිවිටෙක නොපැකිලෙයි.

මාතෘකා