Mag City සිය සේවාවන් රත්මලාන දක්වා ව්‍යාප්ත කරයි

 ඡායාරූපය:

Mag City සිය සේවාවන් රත්මලාන දක්වා ව්‍යාප්ත කරයි

ශ්‍රී ලාංකේය ප්‍රමුඛතම Automobile නඩත්තු කිරීමේ ජාලය සමඟින් එකවර මෝටර් රථ 300කට අධික ප්‍රමාණයක් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සේවාවන් සැපයීමේ පහසුකම් සහිත නවතම ශාඛාවක් පසුගියදා රත්මලාන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විවෘත විය. මෙම නවතම ශාඛාව මඟින් Mag City සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්ව ඇති අතර එමඟින් කොළඹ නගරයේ ගනුදෙනු කරුවන් සඳහා ඉතා පහසුවෙන් ළඟාවීමේ සහ කාර්යක්ෂතම අයුරින් නවතම සේවාවන් සළසා ගැනීමේ හැකියාව විවිර වේ.

ගනුදෙනුකරුවන් සඳහා වායුසමනය කරනු ලැබූ විවේකාගාරයක් නිර්මාණය කරදී ඇති අතර එහිදී ඔවුනගේ මෝටර් රථ සඳහා විශේෂඥ කාර්මිකයන්ගේ සේවය යටතේ සැපයෙන සේවාවන් අධීක්ෂණය මෙන්ම එහිදී යොදනු ලබන උසස්ම තත්ත්වයේ අමතර කොටස් සම්බන්ධයෙන් විශ්වාසයක් සහ සමස්ත සේවා කාර්ය සම්බන්ධයෙන් සිය විශ්වාසය තහවුරු කරගත හැකිය.

මාතෘකා