රිවයිටිස් - ලී කොයිෆර් තිලක් ඇකඩමි උපාධි ප්‍රදානෝත්සවයේ හිසකෙස් පෝෂණ සහකරු වෙයි

 ඡායාරූපය:

රිවයිටිස් - ලී කොයිෆර් තිලක් ඇකඩමි උපාධි ප්‍රදානෝත්සවයේ හිසකෙස් පෝෂණ සහකරු වෙයි

කේශාලංකරණ ක්ෂේත්‍රයේ වසර 30ක ඉතිහාසයක් හිමි කේශාලංකරණ හා රූපලාවන්‍ය විශේෂඥ තිලක් ද සිල්වාගේ ලී කොයිෆර් තිලක් සැලෝන් ඇන්ඩ් ඇකඩමි හි 2018 වසරේ උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා ඉතා උත්කර්ෂවත් ලෙස කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විනි.වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පීන් බොහොමයකගේ කේශාලංකරණ ගුරුවරයා වන ජාත්‍යන්තර සම්මානලාභී තිලක් ද සිල්වාගෙන් උගත් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව ද ලක්ෂ සංඛ්‍යාත වේ.

ලොව සුපතල මෙගා ලයිෆ් සයන්සස් සමාගමේ ප්‍රධානතම සන්නාමයක් වන රිවයිටිස්, මෙවර උපාධි ප්‍රධානෝත්සවයේ ‘හිසකෙස් පෝෂණ සහකරු’ ලෙස තෝරාගැනීම රිවයිටිස් හි ගුණාත්මක බව සහ ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කරයි.

රිවයිටිස් (REVITIZ) තුළ කෙස් ගසේ පෝෂණය උදෙසා අවශ්‍ය සින්ක්, බයොටින්, හෝස්ටේල් සාරය, සිලිකා, කොපර්, යකඩ සහ විටමින් B3, B5, B6 මෙන්ම විටමින් C ද අවශ්‍ය පරිමාණයෙන් අඩංගුය. මෙම සියලු පෝෂක පදාර්ථ රුධිරයට එකතුවීම තුළින් කෙස් ගසේ මුල සිට අග දක්වාම වර්ධනයට අවශ්‍ය පෝෂණය සපයනු ලබයි.

--------------------------------

කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා මගින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ වාරික ගෙවීමේ අවස්ථාව

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සහ කාගිල්ස් බැංකුව ඇතිකර ගත් නවතම ගිවිසුමට අනුව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ වාරික දිවයින පුරා පිහිටි 350කට අධික කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා මගින් ගෙවීමේ අවස්ථාව රක්ෂණ ඔප්පු හිමියන්ට උදාවී තිබේ.

කාගිල්ස් බැංකුව විසින් ලබා දී තිබෙන 'කාගිල්ස්කෑෂ්' මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර වසරේ දින 365 පුරාම උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා සෙලින්කෝ ලයිෆ් රක්ෂණ වාරික කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා වෙත මුදල්වලින් ගෙවීමේ අවස්ථාව රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වේ.

මෙමඟින් ඉතාමත් පහසුවෙන් රක්ෂණ වාරික මුදල් ගෙවීමේ අවස්ථාව සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ලැබෙන අතර දිවයින පුරා පිහිටි රක්ෂණ වාරික ගෙවීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය මෙමඟින් වැඩිවනු ඇත.

මාතෘකා