OPPO 'Experience Store' කොළඹ මැජෙස්ටික්සිටිහිදී විවෘත වේ

 ඡායාරූපය:

OPPO 'Experience Store' කොළඹ මැජෙස්ටික්සිටිහිදී විවෘත වේ

OPPO නිෂ්පාදන පෙළ මෙරට පාරිභෝගිකයන් වෙත තවදුරටත් සමීප කරවීමේ අරමුණින් කොළඹ මැජෙස්ටික්සිටි සාප්පු සංකීර්ණය තුළ OPPO ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. මැජෙස්ටික්සිටි යනු මෙරට අතිශයින් ජනප්‍රිය සාප්පු සංකීර්ණයක් වන බැවින් මෙමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට OPPO නිෂ්පාදන වඩාත් පහසුවෙක් දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් OPPO සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවැසීය. "මෙය OPPO සමාගමට වගේම OPPO රසිකයන්ටත් ඉතාම වැදගත් අවස්ථාවක්. මින් ඉදිරියට මෙරට පාරිභෝගිකයන්ට සියලුම OPPO මාදිලි එකම වහලක් යට දී දැකබලා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය සාප්පු සංකීර්ණයක් වන මැජෙස්ටික්සිටි සාප්පු සංකීර්ණය තුළ මෙය විවෘත කර ඇති නිසා පෙරටත් වඩා විශාල පිරිසකට OPPO නිෂ්පාදන සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබේවි. මේ වන විට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් OPPO සන්නාමයට බෙහෙවින් සමීප වී සිටීම අපට විශාල සතුටක්. නව OPPO ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම අපගේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප දකිනවා."

මෙම නව ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දී ඇති සියලුම OPPO මාදිලි දැකබලා ගැනීමට, ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සහ ඒවා මිල දී ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.

මාතෘකා