ක්‍රිස්ටා ආයතනයට හොදම ව්‍යවසායකයා සම්මානය

 ඡායාරූපය:

ක්‍රිස්ටා ආයතනයට හොදම ව්‍යවසායකයා සම්මානය

විසි වසරක් පුරාවට ඉතාමත් උසස් ගුණයෙන් යුතුව වෙ‍ෙළඳපල ජයගත් පානදුර ක්‍රිස්ටා ආයතනය පසුගියදා පැවැති බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළලේ දී කුඩා ව්‍යාපාර අංශයේ හොඳම ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. මින් පෙරද සම්මාන බොහොමයකින් ද පිදුම් ලැබූ ක්‍රිස්ටා ආයතනය ඉඳි ආප්ප, කඩල සහ කුරක්කන් පිටි වර්ග ඉතා උසස් ගුණයෙන් හා තත්ත්වයෙන් යුතුව වෙළෙඳපලට නිකුත් කරනු ලබයි. ඔවුන්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ රස කාරක කිසිවක් නොමැති වීම සහ කිසිම කලවම් කිරීමක් නොමැතිව නිකුත් කිරීම බව එහි අයිතිකාරිනී අජන්තා සේනාධීර මහත්මිය පැවසුවාය.

එක් සේවකයකුගෙන් හා කුඩා මැෂිමකින් පටන් ගත් තම ව්‍යාපාරය බොහෝ කැපකිරීම් හා අර්බුද මධ්‍යයේ අද වන විට උසස් තත්ත්වයකට ගෙන එනු ලැබීම භාග්‍යයක් සේ සලකන බව ද අජන්තා සේනාධීර මහත්මිය පැවසුවාය. තම ගමනට මහත් රුකුලක් වූ පානදුර ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙහිදී ඇය ගෞරවයෙන් මතක් කළාය. ක්‍රිස්ටා නිෂ්පාදන දැනට මාතර, බදුල්ල, මීගමුව හා කොළඹ අවට බෙදාහරිනු ලබන අතර නුදුරේදීම බෙදාහැරීම් ජාලය දීපව්‍යාප්ත කර පුළුල් කිරීමට මේ දිනවල අඩිතාලම දමා ඇත.

මාතෘකා