‘විෂන් කෙයා’ නවතම ශාඛාව ‘කලම්බු සිටි සෙන්ටර්’ හි දී විවෘත කෙරේ

 ඡායාරූපය:

‘විෂන් කෙයා’ නවතම ශාඛාව ‘කලම්බු සිටි සෙන්ටර්’ හි දී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ අක්ෂි සේවා විශේෂඥයා වන ‘විෂන් කෙයා’ (Vision Care)සමාගම, සිය නවතම ශාඛාව ‘කලම්බු සිටි සෙන්ටර්’ (Colombo City Centerහි දී පසුගියදා විවෘත කළේය. විෂන් කෙයා ජාලයේ 52 වන ශාඛාව ලෙසින් උත්සවශ්‍රීයෙන් විවෘත වූ මෙහි, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සී/ස අබාන්ස් සමාගමේ අධ්‍යක්‍ෂිකා සරෝෂි ඩුබාෂ් මහත්මිය, කලම්බු සිටි සෙන්ටර් හි ප්‍රධාන විධායක නිලධාරී සන්දීප් සුබ‍ුරමන්යා, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා සහ කළමනාකාර අධක්‍ෂ ජානක ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ සුරතින් පීත්ත පටිය කපා ශාඛාව විවෘත කිරීම සිදු විය.

ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුත්, නිවැරදි අක්ෂි කාච ඇතුළු නිෂ්පාදන හා සේවා රාශියක් නව විෂන් කෙයා ශාඛාවෙන් ලබාගත හැක. නවතම විලාසිතාවේ ඇස් කණ්ණාඩි සොයන පාරිභෝගිකයන්ට, ඉතාලියේ මිලාන් නගරය පදනම් කරගත් Luxottica Group හි නිෂ්පාදන මෙහි දී මිලදීගත හැකි වේ.

ඇස් කණ්ණාඩි සහ අනෙකුත් අක්‍ෂි නිෂ්පාදන අ‍ෙලවි සමාගම් අතර ප්‍රමුඛ සමාගමක් වන විෂන් කෙයා, තමන් සතු සන්නාම මෙන්ම බලපත්‍ර යටතේ භාවිත කරන සන්නාම ද රාශියක් හඳුන්වා දී ඇත.

වර්තමානයේ විලාසිතාවන් නිරන්තරයෙන් වෙනස් වන අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වේ. විෂන් කෙයා යනු මෙලෙස වෙනස් වෙන විලාසිතාවන් අනුව, ඕනෑම කෙනෙකුගේ අවශ්‍යතාව පරිදි, ඕනෑම අවස්ථාවකට සුදුසු වන විලාසිතා සහිත ඇස් කණ්ණාඩි මිලදීගැනීම සඳහා අවස්ථාව සලසා දෙන සමාගමකි.

සරල බව ඔස්සේ උපරිමය ළඟා කරදෙන Porsche විලාසිතා, ඔබගේ සිත අසීමිත ලෙස වසඟ කරන Ray-Ban වෙතින් එන Aviator කණ්ණාඩි පමණක් නොව, ඔබට කැමති ආකාරයකට, කැමති විලාසිතාවකින් Giorigio Armani, Burberry, Bvlgari, Prada, Versace, Vogue, Boss සහ Carrera වැනි ඉහළම පෙළේ සන්නාම අතරින් ඔබ කැමති විලාසිතාවේ ඇස් කණ්ණාඩි තෝරාගැනීමට විෂන් කෙයා ඔබට ඉඩ සලසා දෙයි.

මාතෘකා