වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි වෙත ජනාධිපති සම්මාන හයක්

 ඡායාරූපය:

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි වෙත ජනාධිපති සම්මාන හයක්

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනයක් වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සහ එහි අපනයන සමාගම වන එන්.ජේ. එක්ස්පෝර්ට්ස් සමාගම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කළ 2018 ජනාධිපති සම්මාන උළෙලේදී ජනාධිපති සම්මාන 6කින් පිදුම් ලැබීය. විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, විශිෂ්ටම ආභරණ අපනයනකරු, විශිෂ්ටම දියමන්ති ආභරණ අපනයනකරු, විශිෂ්ටම විදේශ විනිමය ඉපැයුම්කරු, විශිෂ්ටම ස්වර්ණාභරණ තාක්ෂණික ශිල්පියා (සශී කුමාර් මහතා) විශිෂ්ටම මෝස්තර ආභරණ තාක්ෂණ ශිල්පියා (ධර්මසිරි මහතා) යන සම්මාන එම සම්මාන අතර වෙයි. සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ගුණාත්මක භාවයෙන් අනූන නවීන මෝස්තරයේ ස්වර්ණාභරණ විශ්වාසයෙන් මිල දී ගැනීමට යා යුතු හොඳම තැන ලෙස ජනහද දිනූ නිත්‍ය කල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය, ස්වර්ණාභරණ මෝස්තර 25, 000කට අධික අගනා එකතුවකින් සමන්විතය. නිසිි ප්‍රමිතියෙන් සපිරි ප්ලැටිනම්, රත්රන්, සුදු රත්රන්, දියමන්ති ආදියෙන් ආභරණ නිපදවන නිෂ්පාදනාගාරයකින් සහ දෙස් විදෙස් පුහුණුව ලැබූ විශේෂඥ දැනුමෙන් සපිරි පළපුරුදු සේවක මඬුල්ලකින් නිත්‍ය කල්‍යාණි ජුවලරි සමන්විතය.

මාතෘකා