කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 12ක් වටිනා මැක්ස්ලෝයල්ටි ප්‍රතිලාභ

 ඡායාරූපය:

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 12ක් වටිනා මැක්ස්ලෝයල්ටි ප්‍රතිලාභ

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්ත් හිමියන් විසින් රැස්කරගත් 'මැක්ස්ලෝයල්ටි' ප්‍රතිලාභ ලකුණු 2018 අවසන් මාස දෙකේදී වැය කිරීම වඩාත් ඉහළ ගොස් තිබෙන අතර මෙම කණ්ඩායම විසින් මැක්ස්ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණු වැඩිපුරම වැය කළ මාසය ලෙසින් 2018 දෙසැම්බර් මාසය වාර්තා වී තිබේ.

මේ අනුව, සාප්පු සවාරියේ යෑම සඳහා පාරිභෝගිකයන් විශාල වශයෙන් උනන්දුවක් දැක්වූ 2018 දෙසැම්බර් මාසයේදී කාඩ්පත් හිමියන් විසින් රුපියල් මිලියන 12ක් වටිනා මැක්ස්ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණු වැයකර තිබෙන අතර දිනක් තුළ වැය කළ වැඩිම ප්‍රමාණය සනිටුහන් කරමින් 2018 දෙසැම්බර් 31 වැනිදා පමණක් රුපියල් මිලියන 1.1ක් වටිනා මැක්ස්ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණු වැයකර තිබෙන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට්කාඩ් හිමියන් වෙත ප්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් යන දෙවර්ගය සඳහාම ප්‍රතිලාභ හිමිකරදෙන ශ්‍රී ලංකාවේ එකම ලෝයල්ටි වැඩසටහන වන 'මැක්ස්ලෝයල්ටි' රිවෝර්ඩ්ස් වැඩසටහන යටතේ එකතු කර ගන්නා ලකුණු නිරීක්ෂණය කරමින් ඒවා වැය කිරීම වෙනුවෙන්ම වෙන් වූ නව වෙබ් අඩවියක් බැංකුව විසින් පසුගිය නොවැම්බර් මාසයේ දී ආරම්භ කරමින් Reward yourself to the MAX යන නමින් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේය.

මෙම වෙබ් අඩවිය මගින් අරමුණු කර තිබෙන්නේ කොමර්ෂල් බැංකුවේ කාඩ් හිමියන්ට ඉතාමත් පහසුවෙන් ලෝයල්ටි ලකුණු රැස් කිරීම, නිරීක්ෂණය කිරීම සහ වැය කිරීමට අවස්ථාව ලබා දීමයි.

https://maxrewards.combank.net යන මෙම නව වෙබ් අඩවිය මගින් ගුවන් සේවා, හෝටල් සහ විනෝදාස්වාද, ඇඟලුම් සහ ආයිත්තම්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, අවන්හල්, පොත්සැල්, වාහන සේවා ස්ථාන සහ ලයිෆ්ස්ටයිල් නිෂ්පාදන, සුපිරි වෙළෙඳසැල් සහ අන්තර්ජාල නාළිකා ඇතුළු අංශ ගණනාවක දේශීය සහ ජාත්‍යන්තර ව්‍යාපාරික පාර්ශ්වකරුවන් 100කට වැඩි සංඛ්‍යාවක නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රවේශය ලබා දී ඇති අතර මෙම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී මෙම ලකුණු වැයකළ හැකිය. මෙහිදී කාඩ් හිමියන්ට දේශීය වෙළඳ නියෝජිතයා තෝරාගත්විට මෙම වෙළඳ නියෝජිතයන්ගෙන් මිලදී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා මැක්ස්ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණු වැය කළ හැකි අතර වවුචරයක් ඉල්ලුම් කළ විට දින පහක් ඇතුළතදී වවුචරය කාඩ් හිමියාගේ නිවසටම ගෙනවිත් දෙයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරීපත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර 830ක් සහ බැංකු ශාඛා 266ක් පවත්වාගෙනයයි. 2016 වසරේදී සහ 2017 වසරේ දී ප්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

මාතෘකා