AIA රක්ෂණ සමාගමේ සරත් ජයලාල් MDRT - Top of The Table දිනා ගනී

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමේ සරත් ජයලාල් MDRT - Top of The Table දිනා ගනී

AIA රක්ෂණ සමාගම, ඔවුන්ගේ 2018 වසරේ හොඳම අලෙවිකරුවා බවට පත් වූ මහරගම ප්‍රාදේශීය කාර්යාලයේ සරත් ජයලාල් මහතා විසින් 2019 වසර සඳහා රක්ෂණ වෘත්තිකයකුට අත්පත් කරගත හැකි අතිවිශිෂ්ටතම ජයග්‍රහණය වන මිලියන් ඩොලර් වටමේස (MDRT) සාමාජිකත්වයේ ඉහළම ස්ථානය වන Top of The Table (TOT) තත්ත්වය අත්පත් කරගැනීමට සමත්වීම මහත් අභිමානයෙන් සමරයි.

ඔහුගේ මෙම ජයග්‍රහණය, AIA රක්ෂණ සමාගමේ වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශේෂ ඇගයුමට ලක්කරන ලදී. මෙම සම්මේලනයේ දී MDRT සාමාජිකත්වය අත්පත් කරගත් අලෙවිකරුවන්හට විශේෂ ස්ථානයක් හිමිවන්නේ ඔවුන් රක්ෂණ අලෙවිකරණයේ ලබා ඇති විශිෂ්ට කාර්යසාධනය සඳහායි. 1972 වසරේදී ආරම්භ කරන ලද MDRT, ලොව රටවල් 71ක, සමාගම් 470කට අධික සංඛ්‍යාවක සේවයේ නියුතු විශිෂ්ට ජාත්‍යන්තර ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා වෘත්තිකයන් 42,000කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් ස්වාධීන සංගමයකි. MDRT සාමාජිකයන් අතිවිශිෂ්ට වෘත්තීයමය දැනුම, මනා සදාචාරාත්මක හැසිරීම සහ අසමසම සේවාලාභී සත්කාරය විදහා දක්වති. MDRT සාමාජිකත්වය ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාරයන් සම්බන්ද ලොව විශිෂ්ටතම තත්ත්ව සම්මතය වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වේ.

සරත් ජයලාල් මහතා 2014 වසරේ සිට මේ දක්වා නොකඩවා MDRT සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර 2018 වසර සඳහා “Court of The Table” (COT) තත්ත්වයත් 2019 වසර සඳහා “Top of The Table” (TOT) තත්ත්වයත් අත්පත් කරගන්නා ලදී. COT තත්ත්වය ළඟාකර ගැනීම සඳහා වන නිර්ණායකය වන්නේ MDRT ඇගයීම සඳහා අවශ්‍ය වන මූලික සුදුසුකම මෙන් තුන්ගුණයක් ඉක්මවා පළමු වසරේ වාරික සඳහා වන වාර්ෂික කොමිසම් ආදායමක් ලබා ගැනීමට හැකි වීමයි. එමෙන්ම ඉහළම තත්ත්වය වන TOT සඳහා MDRT ඇගයීම සඳහා අවශ්‍ය වන මූලික සුදුසුකම මෙන් හය ගුණයක් ඉක්මවා පළමු වසරේ වාරික සඳහා වන වාර්ෂික කොමිසම් ආදායමක් ලබා ගැනීමට හැකිවිය යුතුයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු කරුණ වන්නේ TOT තත්ත්වයට උරුමකම් කියූ එකම අලෙවිකරුවා බවට පත්වීමට භාග්‍ය ලබාගත්තේ සරත් ජයලාල් වන බවයි. ඊට අමතරව ඔහු 2019 වසර සඳහා ජාත්‍යන්තර තත්ත්ව සම්මානයෙන්ද (IQA) පිදුම් ලැබීය.

News Order: 
7
මාතෘකා