2019 සූපවේදී තරගයෙන් විලියම් ඇන්ග්ලිස් රන් රිදී ලෝකඩ පදක්කම් 17කින් පිදුම් ලබයි

 ඡායාරූපය:

2019 සූපවේදී තරගයෙන් විලියම් ඇන්ග්ලිස් රන් රිදී ලෝකඩ පදක්කම් 17කින් පිදුම් ලබයි

ශ්‍රී ලංකා සූපවේදී සංසදය සංවිධානය කළ 2019 සූපවේද තරගයේදී රන් සම්මාන 4ක්, රිදී සම්මාන 4ක් සහ ලෝකඩ සම්මාන 9ක් ඇතුළුව සම්මාන 17ක් දිනා ගන්නට SLIIහි විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සිසුහු සමත් වූහ. සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. සූපවේද ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සමූහයක් සමග කරට කර තරග කර මෙවැනි සම්මාන රාශියක් දිනා ගන්නට හැකි වීම විලියම් ඇන්ග්ලිස් සිසුන්ගේ විශිෂ්ටත්වය විදහා දැක්වීමට කදිම සාක්ෂියකි.

දින තුනක් පුරා පැවැති තරගයේදී විවිධ ඉවුම් පිහුම් හා බීම සැකසීමේ තරගවලදී ප්‍රායෝගිකව හා සජීවීව දස්කම් විදහා දැක්වූ විලියම් ඇන්ග්ලිස් සිසුන් ක්ෂේත්‍රයේ සෙසු තරගකරුවන් අතර ඉහළින්ම කැපී පෙනුණි. ජයග්‍රාහී විලියම් ඇන්ග්ලිස් කණ්ඩායමට ඇතුළත් වූ සචිනි තිලෝචනා නාවලගේ රන් පදක්කම් 2ක් සමග ලෝකඩ පදක්කම් 3ක්ද බීනු රත්නායක රන් පදක්කම් 1ක්ද, ජේම්ස් ද සිල්වා රන් පදක්කම් 1ක්ද දේදුනු ගුණතිලක රිදී 1ක් හා ලෝකඩ පදක්කම් 1ක්ද නිම්හාරා මොහොට්ටාල රිදී පදක්කම් 1ක්ද සාවිද්‍ය ආර්යරත්න රිදී පදක්කම් 1ක්ද මාධුර්යා දිසානායක රිදී පදක්කම් 1ක්ද ඇලෙක්සැන්ඩර් ඥානස්කන්ධන් ලෝකඩ පදක්කම් 2ක්ද ක්‍රිස්ටියන් පීරිස් ලෝකඩ පදක්කම් 1ක්ද ලීසා අබේරත්න ලෝකඩ පදක්කම් 1ක්ද තිවාරා ප්‍රනාන්දු ලෝකඩ පදක්කම් 1ක්ද ලෙස සම්මාන දිනා ගත්හ. විලියම් ඇන්ග්ලිස් ආයතනය මේ සුවිසල් ජයග්‍රහණය උදෙසා සිසුන් පුරුදු පුහුණු කරමින් මුල සිටම කැපවීමෙන් මග පෙන්වූ ආචාර්ය මණ්ඩලයේ මිෂෙල් ද සිල්වා, ගයාන් ද සිල්වා, හර්ෂණ මායාකඩුව, තමදි ශෂිනිකා, ශමීර හෙට්ටිආරච්චි, හර්ෂ මාකලන්ද සහ ෂෙහාන් විජේසුන්දර යන ගුරු භවතුන්ට සහ තරගය අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කළ ලංකා සූපවේදී සංසදයටද කෘතඥතාව පළ කරයි.

News Order: 
6
මාතෘකා