විදුලි සංදේශ ක්‍රිකට් කුසලානය හච් (Hutch) කණ්ඩායමට

 ඡායාරූපය:

විදුලි සංදේශ ක්‍රිකට් කුසලානය හච් (Hutch) කණ්ඩායමට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රීඩා සංගමය සංවිධානය කළ "2019 ක්‍රිකට් සැණකෙලිය" පසුගියදා කොළඹ එන් සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. විදුලි සංදේශ හා විකාශන ක්ෂේත්‍රයේ කණ්ඩායම් 08ක් මේ තරගාවලිය සඳහා සහභාගි වූහ.

විදුලි සංදේශ නියාමන කණ්ඩායම, ඩයලොග් කණ්ඩායම, ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම, මොබිටෙල් කණ්ඩායම, හච් කණ්ඩායම, ලංකා බෙල් කණ්ඩායම, සිත එෆ්එම් කණ්ඩායම, දෙරණ කණ්ඩායම මේ සඳහා තරග වැදුණු අතර අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූවේ ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම හා හච් කණ්ඩායමයි. අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ලකුණු දෙකකින් හච් කණ්ඩායම ජයග්‍රහණය කළේ තරගයේ අවසන් පන්දුවේදීය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම අනු ශූරයන් බවට පත්විය. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙයට සහභාගි විය.

 

ඡායා : බන්දුල සේනානායක - TRCSL Media

News Order: 
5
මාතෘකා