රොටරි ජාත්‍යන්තර පාසලේ හා රොටරි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

 ඡායාරූපය:

රොටරි ජාත්‍යන්තර පාසලේ හා රොටරි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජාත්‍යන්තර පාසලක් වන නුගේගොඩ රොටරි ජාත්‍යන්තර පාසල සහ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක රොටරි විදුහල (රොටරි කොලේජ්) යන පාසල්වල සිසු සිසුවියන්ගේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පසුගියදා පැවැත්විණි. උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරන පීඨාධිපති මහාචාර්ය ආනන්ද පටබැඳිගේ මහතා සහ ප්‍රධාන ආරාධිතයන් ලෙස හිටපු යාපනය හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි, බෞද්ධයා නාලිකාවේ උපදේශක නීතිඥ ශෂික ජයතිලක, හරිත ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඇකඩමියේ ප්‍රධානි පියදාස මාරම්ගේ යන මහත්වරු සහභාගී වූහ. එදින සිසු සිසුවියන් රැසකගේ විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇගැයීමට ලක් කරමින් තිළිණ සහ සහතික පත් ප්‍රදානය කළේය.

News Order: 
3
මාතෘකා