ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහ සභාව කොළඹදී

 ඡායාරූපය:

ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහ සභාව කොළඹදී

ඉන්දු-ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ 11 වැනි වාර්ෂික මහ සභාව පසුගියදා (2) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා සහභාගි විය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද මෙම අවස්ථාවට එක් විය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ

ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය දක්වන දායකත්වය අගය කළේය. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලිකාංගය වන "සැවොම එක්ව විශ්වාසයෙන් සංවර්ධනය කරා" යන්න ඉන්දියාවට පමණක් නොව විශේෂයෙන්ම අසල්වැසි රාජ්‍යයන්ද ඇතුලු සමස්ත ලෝකය කෙරෙහිම ඉන්දියාවේ ආකල්පය බව අවධාරණය කළේය. ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉන්දියාව වෙත වැඩි වශයෙන්ම මගීන් ගෙනයන ගුවන් සේවය වන්නේද කොළඹ වරා‍යෙන් 80%ක පමණ බහාලුම් මෙහෙයුම් ඉන්දියාව හා සම්බන්ධ වන්නේද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන්නේද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අසල්වැසි රාජ්‍යයන් වීම නිසා පමණක් නොව ශ්‍රී ලංකාව සුවිශේෂී තත්ත්වයක් අත්පත් කරගැනීමට සමත්ව ඇති නිසා බව ඔහු සඳහන් කළේය.

ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රොමේෂ් ඩේවිඩ් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දෙරට අතර කර්මාන්ත අංශයන්හි සක්‍රීය ක්‍රියාකාරීත්වයක් පවතින බවයි. ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය ‍ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ක්‍රියා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මාතෘකා