සාමාන්‍ය තේ කෝප්පයට නව අරුතක් දුන්  'ෆැඩ්නා'

 ඡායාරූපය:

සාමාන්‍ය තේ කෝප්පයට නව අරුතක් දුන්  'ෆැඩ්නා'

උදෑසන රසවත් තේ කෝප්පයකින් ප්‍රබෝධවත්ව දවසේ වැඩකටයුතු ඇරඹීම ශ්‍රී ලාංකිකයාගේ දිනචරියාවේ මුල් තැන පවතින්නකි. සුපුරුදු තේ පානය, දේශීය ඔසු යහගුණය මුසුකොට රස ගුණ සපිරි තේ පානයක් බවට පත්කිරීමේ නිර්මාණශීලීත්වයේ පෙරගමන්කරුවා වන්නේ “ෆැඩ්නා” ය. සොබාදහමේ ශාකසාර යහගුණය රසවත් පාන වර්ග ලෙස සකසා දෙස් විදෙස් වෙළෙඳපොළ ජයගත් කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන ෆැඩ්නා සමාගම මේ වනවිට මෙරට ග්‍රීන් ටී වෙළෙඳපොළේ 50%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ එකිනෙකට වෙනස් නිෂ්පාදනයන් 24ක් ඉදිරිපත් කරමිනි.

දැඩි අධිෂ්ඨානයත් වෙනස් දෙයක් කිරීමේ අරමුණත් සමඟ අභියෝග හමුවේ නොසැලී තම දිවියත්, දේශීය ආර්ථිකයත් සවිබල ගැන්වූ Food and Nature (Pvt) Ltd සමාගමේ සභාපති චමේන්ද්‍ර සෝමතුංග මහතා තම සාර්ථකත්වයේ ගමන්මඟ පිළිබඳ අතීතාවර්ජනයක යෙදුනේ මෙලෙසිනි.

සොබාදහමේ ශාක සාර ඖෂධ භාවිත කරන්නට මිනිසුන් වැඩි කැමැත්තක් දැක්වූවත් ඒවා සොයා ගැනීමේ අපහසුකම හෝ එදිනෙදා භාවිතයට සකස් කරගැනීමේ අපහසුබව නිසා ඒවාගෙන් ඈත්ව සිටින බව මම තේරුම් ගත්තා. ඒ අදහසත් එක්ක මම බෙලිමල්, රණවරා, ඉරමුසු වගේ සියයට සියයක් ස්වභාවික දේශීය ඖෂධ භාවිතයට ඉතා පහසු හුරුබුහුටි ටී බෑග් ආකාරයෙන් සකස් කිරීම ආරම්භ කළා. තරගකාරී සමාජ වටපිටාවක වෙහෙසෙන කාර්යබහුල ජනතාව මේ නව නිෂ්පාදනය ආදරයෙන් වැළදගත්තා. ඉතාම ඉක්මනින් අපේ නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය වෙන්නට පටන් ගත්තා.

මාතෘකා