ලින්ක් සමහන් වෙතින් අලුත් අවුරුදු

 ඡායාරූපය:

ලින්ක් සමහන් වෙතින් අලුත් අවුරුදු

අලුත් අවුරුද්දේ ගම්බිම් බලා යන දහස් සංඛ්‍යාත ජනතාවට සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ආශ්‍රිත අපහසුතාවලින් සහනය ලබා දීම සඳහා ‘සමහන් අවුරුදු සංග්‍රහය’ නමින් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ලින්ක් සමහන් කටයුතු යොදා තිබිණි. ඒ අනුව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ගම්බිම් බලා යෑම සඳහා බස් රථ වලට ගොඩ වන ජනතාවට, 2019 අ‍ෙප්‍ර්ල් මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා, පෙරවරු 9ත් පස්වරු 7ත් අතර කාලයේ, නැවුම්ව සැකසූ සමහන් ශාකෞෂධීය පානයන් නොමිලේ පිරිනමන ලදි. මේ සඳහා ගුණසිංහපුර සිට මධ්‍යම බස් නැවතුම්පොළට පිවිසෙන ස්ථාන දෙක අසල රථ දෙකක් යෙදවීමට සමාගම කටයුතු කළේය. මින් එක් රථයක සවිකළ LED පුවරුවක අලුත් අවුරුදු සුබපැතුම් සහ පණිවිඩ ප්‍රදර්ශනය කරන ලද අතර අනික් රථය මගින් ජනතාවට සමහන් බෙදාදීමට කටයුතු කෙරිණි. ඊට අමතරව සමහන් කෝප්ප 400ක් සැකසීම සඳහා ප්‍රමාණවත් වන බොයිලරයක් සහිත විශාල ට්‍රොලියක් භාවිතයෙන්, බස් නැවතුම්පොළේ ගොඩනැගිළි තුළ පෝලිම්වල රැඳී සිටින ජනතාවට සමහන් කෝප්ප ලබාදීම සිදුවිය. ඉතාම දැඩි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ මෙම පානයන් පිළියෙල කෙරිණි.

ලින්ක් සමහන් ශාකෞෂධීය පානය යනු සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත අපහසුතාවන් 15කින් අප ආරක්ෂා කරන, සායනිකව තහවුරු කරන ලද, සියයට සියයක් ස්වාභාවික, සුරක්ෂිත පානයකි. ස්වාභාවික ඖෂධ 14ක සංයෝගයක් ලෙස නිපදවනු ලබන එය වසර 23ක් තිස්සේ මෙරට මෙන්ම විදේශ රටවලද බහුලව භාවිතා වේ.

මාතෘකා