LB ෆිනෑන්ස් නවතම ශාඛාවක් දැන් කොහුවල

LB ෆිනෑන්ස් නවතම ශාඛාවක් දැන් කොහුවල

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා LB ෆිනෑන්ස් නවතම ශාඛාවක් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළේ සංධිස්ථානය වන කොහුවල නගරයේදී විවෘත කෙරිණි. මෙම ශාඛාව නො. 124/A, දුටුගැමුණු වීදිය, කොහුවල යන ස්ථානයේ උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.

පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කරගත් LB ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා විවෘත කරන ලද මෙම ශාඛාවේ විවෘත කිරීමේ උත්සවය LB ෆිනෑන්ස් සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂ සුමිත් ආධිහෙට්ටි මහතා හා විධායක අධ්‍යක්ෂවරුන් වන නිරෝෂන් උඩගේ සහ රවී යටවර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, කළමණාකාරීත්වයේ සහ ප්‍රදේශවාසීන්ගේද සහභාගීත්වයෙන් පැවැත්විණි.

වසර 47ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම කොහුවල නගරයේ තම පරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛාව විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, දේපළ ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රැසක් මෙම ශාඛාව ඔස්සේ ජනතාවට ලබාදෙනු ඇත.

මාතෘකා