Uber MOTO  කොළඹදී දියත් වෙයි

 ඡායාරූපය:

Uber MOTO  කොළඹදී දියත් වෙයි

ලොව විශාලතම ඉල්ලුමක් සහිත ගමන් සහකරුවා වන Uber සමාගම තම නවතම යතුරුපැදි සේවාව එනම් Uber MOTO කොළඹදී දියත් කරන බව 2019 අප්‍රේල් 2 වැනිදා කොළඹදී නිවේදනය කළේය. මෙම දියත් කිරීමත් සමඟ Uber සමාගම කොළඹ සිටින මගීන්ට විවිධාකාරයෙන් ගමන් පහසුකම් සැලසීමට දරන ප්‍රයත්නයේ පියවරක් ඉදිරියට තබනු ඇත. මෙම යතුරුපැදි සේවාව ඔස්සේ මගීන්ට ඇඟිලි තුඩක ස්පර්ශයෙන් යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට යෑම සඳහා පහසු විකල්පයක් ලබාදෙයි.

Uber යෙදුම හරහා ඇඟිලි තුඩක ස්පර්ශයෙන් Uber MOTO, මගීන්ට පහසු හා විශ්වාසනීය යතුරුපැදි ධාවනයක් ලබාදෙයි. අනෙකුත් Uber ගමන් වාරයන්වල සිදුකෙරෙන ආකාරයටම මෙහිදීද රියැදුරුගේ හා යතුරුපැදියේ විස්තර මගියාට හිමිවන අතරම GPS Tracking, දෙයාකාර ප්‍රතිචාර දැක්වීම හා පවුලේ අය සහ යහළුවන් අතරේ ගමන් විස්තර බෙදා ගැනීමට ඇති හැකියාව වැනි ගමනට පෙර, අතරමග හා පසු සම්මත ආරක්ෂණ විශේෂාංගද ඊට ඇතුළත් වේ.

Uber MOTO ක්‍රියා කරන්නේ කෙසේද?

* iOS හෝ Android සඳහා Uber යෙදුම Download කර Uber ගිණුමක් නිර්මාණය කරන්න.

* යෙදුම හරහා MOTO වෙත පිවිස ඔබව ලබාගත යුතු ස්ථානය හා ගෙවීමේ ආකාරය ලබාදී ගමනට ඉල්ලීමක් කරන්න. එවිට ඔබට යතුරුපැදි ධාවකයාගේ නම සහ ඡායාරූපය යන විස්තරද යතුරුපැදියේ විස්තරද හිමිවේ.

* මගියා වෙනුවෙන් ආරක්ෂිත හිස්වැස්මක් MOTO ධාවකයා සතුව පවතින අතර නීතියට අනුකූලව මගියා සහ ධාවකයා යන දෙදෙනාම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය වේ.

* ගමනාන්තයේදී මුදල්, ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් මඟින් ගෙවීම් සිදුකළ හැකි අතර Uber යෙදුම හරහා ඉලෙක්ට්‍රොනික බිල්පතක් මගියාට හිමිවේ.

රුපියල් 25ක් වැනි ඉතා සුළු මුදලක සිට අයකිරීම් ඇති Uber MOTO වඩාත් පහසු ගමනාගමන විකල්පයක් වනු නොඅනුමානය.

මාතෘකා