Well & Able Lanka (Pvt) Ltd වෙතින් ගොඩනැගිලි ඉදිකිරීමේ නව තාක්ෂණයක්

 ඡායාරූපය:

Well & Able Lanka (Pvt) Ltd වෙතින් ගොඩනැගිලි ඉදිකිරීමේ නව තාක්ෂණයක්

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් ශ්‍රී ලාංකේය හා සිංගප්පූරු සමාගම් දෙකක එකතු‍වෙන් ස්ථාපිත Well & Able Lanka(Pvt)Ltd සමාගම විසින් අඩු කාලයකින්, පරිසර හිතකාමී හා ලාභදායි, උසස් ප්‍රමිතියේ ගොඩනැගිලි ඉදිකිරීමේ නව තාක්ෂණයක් හඳුන්වා දී තිබේ.

තට්ටු ගොඩනැගිලි, හෝටල්, රෝහල්, පාසැල්, නිවාස, සුපිරි වෙළද සංකීර්ණ ආදී සියලුම ගොඩනැගිලි ඉදි කිරීමට යෝග්‍ය මෙම තාක්ෂණය හදුන්වා දී තිබෙන්නේ Pre‐fabricated light weight building system යනුවෙනි. සලසි ලංකා (පුද්) සමාගම හා සිංගප්පූරුවේ Well & Able International (Pte) Ltd යන ආයතනයන්හි හවුල් කළමණාකාරීත්වය යටතේ Well & Able Lanka (Pvt) Ltd සමාගම ස්ථාපිත කර ඇති අතර මෙම නව තාක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා(31දා) සලසි ලංකා (පුද් ) සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණ.

එම අවස්ථාවට Well & Able International (Pte) Ltd හි ෂැංහයි ශාඛාවේ අධ්‍යක්ෂක ලිනෙත් වෑන්ග්, සිංගප්පූරු ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානි කැල්වින් චෝ, ව්‍යාපෘති කළමණාකරු එරික් ලී යන මහත්වරු සමග සලසි ලංකා (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී සී. පී. කේ ගීගනගේ, පරිපාලන හා මානව සම්පත් කළමණාකරු කේ.ඩී.විමුක්ති, ව්‍යාපෘති කළමණාකරු චතුර නානායක්කාර හා මුදල් කළමණාකරු රංජන් සමරනායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාතෘකා