වසරේ කාන්තාව ලෙස ඔටාරා සම්මානයට පාත්‍ර වෙයි

 ඡායාරූපය:

වසරේ කාන්තාව ලෙස ඔටාරා සම්මානයට පාත්‍ර වෙයි

ව්‍යවසායිකාවක්, ජනහිතකාමී චරිතයක් සහ ජනතා ක්‍රියාකාරිනියක් වන ඔටාරා ගුණවර්ධන පසුගියදා පැවැති 'Top 50 Professional and career women awards 2018' සම්මාන උළෙලේ දී ‘වසරේ කාන්තාව’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Women in management (WIM) සහ World bank Group හි සාමාජික IFC විසින් සංවිධානය විසින් 8 වැනි වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කාන්තාවන් 63 දෙනෙක් විශිෂ්ටත්වය උදෙසා රන් සහ රි දී සම්මානයන්ට පාත්‍ර විය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරධිතයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා සහභාගී වූ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විශේෂ ආරධිතයකු ලෙස සහභාගි විය. නායකත්වය තුළ කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නැංවීම සහ තමන්ගේ ක්ෂේත්‍රය තුළ තව තවත් ඉහළට යෑම පිණිස කාන්තාවන් දිරිගැන්වීම මෙම සම්මාන ප්‍රදානයේ අරමුණයි.

 

මාතෘකා