ටියාරා රෝලෝ නව රස දෙකක් හඳුන්වා දෙයි

 ඡායාරූපය:

ටියාරා රෝලෝ නව රස දෙකක් හඳුන්වා දෙයි

සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමාගම නිෂ්පාදනය කර බෙදාහරින ටියාරා රෝලෝ, නව රස දෙකක් ජනගත කරමින් මෑතකදී පැවති දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය තවත් රසවත් කළේය.

ජෑම් මැදි කළ චොකලට් ආවරණයකින් යුතුව මෙරට පාරිභෝගික ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ ටියාරා රෝලෝ, මෙම සරුංගල් සැණකෙළිය අතරතුරදී ඔරේන්ජ් සහ ආමන්ඩ් රසයෙන් නව රස දෙකක් මෙලෙස උත්කර්ෂවත් ලෙස පළමු වරට හඳුන්වා දුන්නේය.

වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාවට මැනවින් ඔබින ලෙස නිෂ්පාදනය කර ඇති ටියාරා රෝලෝ නව රස ද්විත්වය දවසේ ඕනෑම මොහොතක පහසුවෙන් රස විඳිය හැකි ලෙස ඉදිරිපත්කර ඇත.

මාතෘකා