කොමර්ෂල් බැංකුව SLT සහ Cisco වෙතින් පාසල් දරුවන්ට දෘඪාංග පාඨමාලාවක්

 ඡායාරූපය:

කොමර්ෂල් බැංකුව SLT සහ Cisco වෙතින් පාසල් දරුවන්ට දෘඪාංග පාඨමාලාවක්

කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් SLT කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සහ සිස්කෝ නෙට්වර්කිං ඇකඩමිය එක්ව පැය 150ක තොරතුරු තාක්ෂණ හාර්ඩ්වෙයාර් පාඨමාලාවක් තෝරාගත් පාසල් ගණනාවක අටවැනි වසරේ සිට දහවැනි වසර දක්වා සිසුන් වෙනුවෙන් හඳුන්වාදී තිබේ.

කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස මෙම පාඨමාලාව ආරම්භකර තිබෙන්නේ බැංකුවේ අන්තර්ජාල අධ්‍යාපන වැඩසටහනේ කොටසක් ලෙසිනි. IT Essentials යනුවෙන් හඳුන්වන මෙම පාඨමාලාවේ මූලික අදියර පසුගියදා බණ්ඩාරගම, වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ සහ පානදුර අගමැති බාලිකා විද්‍යාලයේදී ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව මගින් පරිගණක මෘදුකාංග සහ දෘඪාංග මූලධර්ම, පරිගණක ආරක්ෂණය, ජාලගතකරණය සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකුගේ වගකීම් යන විෂයයන් ආවරණය කරයි. බැංකුව සඳහන් කරන්නේ මෙම පරිගණක පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට Cisco IT Essentials නැමති ගෝලීයව පිළිගත් සහතිකය ප්‍රදානය කරන බවයි.

 


ලංකා බැංකුවට ටෙක්නොවිෂන් 2018දී ජයග්‍රහණ රැසක්

LankaPay’s Technovation Awards 2018 සම්මාන උලෙළේ දී ලංකා බැංකුව "Excellence in Inter-bank Payments" සමස්ත ජයග්‍රාහකයාට පිදෙන රන් සම්මානය ඇතුළු සම්මාන හයක් දිනාගනු ලැබීය. මෙම සම්මාන උලෙළේ දී සමස්ත ජයග්‍රාහකයා ලෙස ලංකා බැංකුව අඛණ්ඩව දෙවැනි වසර සඳහා සුදුසුකම් ලැබීය. මෙම උලෙළේ දී,

Most Popular Electronic Payment Product (Banking and Financial Institutions) Winner

BApp, Best Common ATM Acquirer of the Year

Category A-Winner Best Acquirer for US dollar online payments

Winner Best of the Year for Financial Inclusivity – Category A Winner

Best Bank for Retail Payments (Runner Up) වශයෙන් ජයග්‍රාහී සම්මාන පහක් සමඟ එක් දෙවැනි ස්ථානයක්ද හිමි කර ගැනීමට ලංකා බැංකුව සමත් විය. පසුගිය වසරේදී ලංකා බැංකුව සමස්ත ජයග්‍රාහක සම්මානය ඇතුළත්ව සම්මාන ත්‍රිත්වයක් දිනාගනු ලැබීය. මෙම උළෙලේ සංවිධානය කරන ලද්දේ ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනයට, නව්‍යකරණ තාක්ෂණය යොදා ගැනීමේ අරමුණ වෙනුවෙන් ස්ථිරසාර ප්‍රතිපත්තියක සිටින LankaPay ජාතික ගෙවීම් ජාලයෙහි මෙහෙයුම්කරු වන 'ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම' විසිනි.


AIA රක්ෂණ සමාගමේ වෙලත්ප්ලෑනර්වරුන් ජපානයට

AIA රක්ෂණ සමාගමේ විශිෂ්ටතම වෙලත්ප්ලෑනර්වරුන් 216කට ඔවුන්ගේ සහකරුවන්, සහකාරියන් මෙන්ම දරුවන්ද සමඟින් නොබෝදා සුන්දර ජපානයේ ටෝකියෝ නගරයේ සතියක් පුරාවට සංචාරය කිරීමට අවස්ථාව උදා විය. 2017 වසරේ, විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් "AIA Supreme Club" තත්ත්වය අත්පත් කරගත් වෙලත්ප්ලෑනර්වරුන් මෙලෙස ඇගයුමට ලක්විය. මෙම සංචාරය අතරතුර දී ටෝකියෝ නගරයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන් වන ඩිස්නිලන්තය, ෆුජි කන්ද, ඔන්සෙන් උණු දිය පොකුණ, අසකුසා විහාරය සහ ජපාන අධිරාජ්‍යාගේ මාලිගාවේ උයන නැරඹීම මෙන්ම ශින්කන්සෙන් අධිවේගී දුම්රියේ ගමන් කිරීම වැනි වූ අමතක නොවන අත්දැකීම් රාශියක් ලබාගැනීමේ අවස්ථාව ඔවුනට ලැබිණි. මෙම සංචාරය AIA රක්ෂණ සමාගම සිය අලෙවි බළකා සාමාජික සාමාජිකාවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා දියත්කර ඇති විවිධ වැඩසටහන්වලින් එකක් වන අතර මේ අයුරින් ඔවුනොවුන්ගේ කාර්ය සාධනයට අනුව ලොව ජනප්‍රියතම ස්ථාන වෙත ගමන් කිරීමේ අවස්ථාව

උදා කරගැනීමට ඔවුනට හැකියාව ඇත.

මාතෘකා