DFCC බැංකුව උත්සව සමයේ සතුට සහ සුබවාදය දසත පතුරුවයි

 ඡායාරූපය:

DFCC බැංකුව උත්සව සමයේ සතුට සහ සුබවාදය දසත පතුරුවයි

ජනතා ජීවිතවලට ආලෝකය සහ ප්‍රමෝදය ගෙනඑන නාමයක් බවට DFCC බැංකුව පත්ව ඇත. සෑම වසරකදීම ගෝල්ෆේස් වටරවුම සහ බැංකුවේ ප්‍රධාන කාර්යාලය දක්වා වූ මාර්ගය අත්‍යාලංකාරයෙන් සරසන අතර බැංකුවේ සියලුම ශාඛා මනබඳින ආකාරයෙන් සරසනු ලබයි. මෙම වසරේ ද සතුටින් ප්‍රමුදිත වූ බැංකුව සිය උත්සව සැරසිලි මගින් ජනතාව ප්‍රමෝදයට පත් කර ඇත. නත්තලේ අසිරිය විදහා දක්වන්නට ගෝල්ෆේස් වටරවුමේ යෝධ නත්තල් සීයාගේ රුවක් ප්‍රදර්ශනය කර ඇත. නත්තල් සීයාගේ යෝද රුව සහ අලංකාර විදුලි ආලෝක සැරසිලි නිසා ගෝල්ෆේස් වටරවුම සෑම කෙනෙක්ම පැමිණ නරඹා සතුටුවන තැනක් බවට පත්ව ඇත. සිය පාරිසරික වගකීම යටතේ ගෝල්ෆේස් වටරවුම නිරතුරුවම නඩත්තු කරන්නේ DFCC බැංකුව මඟිනි.

මෙම නිවාඩු සමයේ සිය ගනුදෙනුකරුවන්ගේ සතුට තවත් වැඩි කරමින් ආකර්ෂණීය ස්ථිර තැන්පත් පොලී අනුපාතයන් සහ විශ්මිත ක්‍රෙඩිට් පත් දීමනා ඉදිරිපත් කිරීමට මෙවර DFCC බැංකුව සමත්වී ඇත. මාසික වැටුප් ලබන ගනුදෙනුකරුවන් සඳහා වන ස්ථාවර තැන්පත් ක්‍රමය සඳහා 12.5% වාර්ෂික පොලියක් සමඟ තවත් ප්‍රතිලාභ රැසක් ලබාදීමට DFCC බැංකුව කටයුතු යොදා ඇත. පැයක් වැනි කාලයක් ඇතුළත සිය තැන්පතුවේ පවතින සමස්ත මුදලින් 90%ක ණය මුදලක් ලබාගැනීමේ අද්විතීය පහසුකමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත.

මෙම උත්සව සමය සඳහා, ‘දින 31ක සතුට ගෙන දීමට දින 31ක මුදල් ආපසු දීමනාව’ නමැති ප්‍රතිලාභය DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලබා දී ඇත. මේ සුවිශේෂී දීමනාව යටතේ දෙසැම්බර් මාසය පුරා සිදුකරන සම්පූර්ණ වියදම්වලින් 31%ක් ආපසු ලබා ගැනීමට DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලැබේ. කාඩ්පත් හිමියන් සිදුකළ යුත්තේ දිනපතා අවම වශයෙන් රුපියල් 2, 000ක මුදලක් වියදම් කිරීම පමණකි.

මාතෘකා