සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට ජෙගන් දුරෙයිරත්නම් මහතා පත්කරයි

 ඡායාරූපය:

සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට ජෙගන් දුරෙයිරත්නම් මහතා පත්කරයි

සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (සෙලින්කෝ ලයිෆ්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වෘත්තීය බැංකු කරුවෙකු වන ජෙගන් දුරෙයිරත්නම් මහතා 2018 නොවැම්බර් 14 වන දා සිට පත්කර තිබේ.

දුරෙයි රත්නම් මහතා මෑතකදී කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක ධූරයෙන් විශ්‍රාම ගිය අතර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ වසර 36ක කීර්තිමත් සේවා කාලයක් ගතකර තිබේ. දුරෙයිරත්නම් මහතා කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන නිළතල රැසක් හොබවා තිබෙන අතර ඔහු කලක් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාත්‍යන්තර යන තනතුරුද දැරීය.

1982 වසරේ කොමර්ෂල් බැංකුවේ සේවයට එක් වූ ජෙගන් දුරෙයිරත්නම් ම්හතා සිය පළමු උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ විධායක ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නා ලදී. දුරෙයිරත්නම් මහතා කොමර්ෂල් බැංකුවේ සේවය කළ දශක තුනහමාරක කාලය තුළදී ජාත්‍යන්තර වෙළඳාම, අක්වෙරළ බැංකු කටයුතු, ණය, මෙහෙයුම් කටයුතු සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් පුළුල් පළපුරුද්දක් සහ දැනුමක් ලබාගන්නා ලදී.

මාතෘකා