පෙරළිකාර vivo S1 දැන් ශ්‍රී ලංකාවේපෙරළිකාර vivo S1 දැන් ශ්‍රී ලංකාවේ

 ඡායාරූපය:

පෙරළිකාර vivo S1 දැන් ශ්‍රී ලංකාවේපෙරළිකාර vivo S1 දැන් ශ්‍රී ලංකාවේ

Super AMOLED Halo FullViewTM Screen, 32MP AI Selfie Camera, AI Triple Rear Camera ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo සිය S කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් නවතම vivo S1 ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි. 32MP AI සෙල්ෆි කැමරාවක් සහිතව සහ පසුපස AI කැමරා ත්‍රිත්වයක් සහිතව මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවා තිබේ. කලාපයේ ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා වන vivo, සහස්‍රකයේ යොවුන් පරපුරෙහි අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ඉතා සිත්ගන්නාසුළු ආකාරයට චමත්කාරජනක ලෙස නිර්මාණය කර තිබේ.

S1 ස්මාර්ට් ජංගම දුරකථනය තාරුණ්‍යයේ නවීන විලාසිතාවට ගැලපෙන ආකාරයට නිමවා ඇති අතර එහි ඇති AMOLED Halo Full View Display නිසා වීඩියෝ සහ ඡායාරූපකරණයේදී නියම ස්වාභාවික වර්ණ නිසි ආකාරයෙන් ග්‍රහණය කර ගැනීම මෙන්ම අන්තර්ජාල පරිහරණය ආදී කටයුතු පහසු කරවයි.

තාරුණ්‍යයේ විලාසිතාවට ගැළපෙන ආකාරයට 2.5D effects සහිතව නිමවා ඇති vivo S1 ස්මාර්ට් ජංගම දුරකථනය එම පරාසයේ ප්‍රමුඛතම අනිකුත් ස්මාර්ට් ජංගම දුරකථන හා සමාන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත තිළිණ කරයි. මෙම නවතම vivo S1 ස්මාර්ට් ජංගම දුරකථනයෙහි බාහිර පෙනුම සලකා බැලූ විට සිව් කෙළවර වක්‍රාකාර වූ හැඩය අතෙහි රඳවා ගැනීම පහසු වන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයක් බවද හෙතෙම පැවසීය. මෙරට වෙළෙඳපොළෙහි පවතින එම පරාසයේ අනිකුත් ස්මාර්ට් ජංගම දුරකථනවලට වඩා තුන් ගුණයකින් කාර්යක්ෂම ඇඟිලි සළකුණු (fingerprint) තාක්ෂණය සහිතව මෙම නවතම vivo S1 ස්මාර්ට් ජංගම දුරකථනය නිර්මාණය කර තිබේ.

නවතම vivo S1 ස්මාර්ට් ජංගම දුරකථනයෙහි ඇති AI සෙල්ෆි කැමරා පහසුකම තුළින් පරිපූර්ණ, විචිත්‍රවත් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතියි. නියම ස්වාභාවික වර්ණ ඒ ආකාරයෙන්ම නිරූපනය කෙරෙන තීව්‍ර සවිස්තරාත්මක සෙල්ෆි ඡායාරූප මෙමඟින් ලබාගත හැකිවන නිසා එය සෙල්ෆි ඡායාරූප කලාවේ නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.

මාතෘකා