ගඳ ගහන රටකින් එන හඬ

 ඡායාරූපය:

ගඳ ගහන රටකින් එන හඬ

එක්සත් ජනපද ඕවල් කාර්යාලයේදී ආගමන විගමන පිළිබඳ ජනාධිපතිගේ ස්ථාවරය නොතකා එක්සත් ජනපදයට ඇතුළු වීම සඳහා සංක්‍රමණිකයන් කී දෙනකුට වීසා ලැබී ඇත්ද යන්න විමසා බැලූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසට බව ‘The Times’ වාර්තා කර තිබිණි.

''2,500ක් ඇෆ්ගනිස්තානයෙන්! මුන් ත්‍රස්තවාදීන්නෙ!''

''හයිටියෙන් 1,500ක්!'' මුන්ට ඒඩ්ස්නෙ!''

''40,000ක් නයිජීරියාවෙන්! මුන් ගඳ ගහන ජරා යක්කුනෙ. ඇමෙරිකාවෙ පාරට දාල තියෙන ලයිට් දැක්කම ඇති මුන්ට ආපහු උන්ගෙ හිඟන පැල්පත්වලට නොයන්න''

......................................................................

ට්‍රම්ප්ගේ වචන ලෝක නායකයකුගේ පෞරුෂත්වයට කිසිසේත් සුදුසු නැතිවා වුවත් එම ප්‍රකාශය නයිජීරියානු නායකයන්ගේත් අප්‍රිකානු නායකයන්ගේත් දෑස් විවර කිරීමට සමත්වනු ඇත.

ඔව් ට්‍රම්ප්, ඔබට අනුව අපේ නයිජීරියාව ගඳ ගසන ස්ථානයක්. වාසයට සුදුසු නැති ස්ථානයක්. නවාතැන් ගත නොහැකි ස්ථානයක්. එහෙත් නයිජීරියාවේ අපගේ සැබෑ තත්ත්වයත් බැලූ විට අපිට ඔබට සමාව දිය හැකිය. නිදසුනක් වශයෙන්, 1960දී නිදහස ලැබූ නයිජීරියාවේ ආර්ථිකය ඊට පෙර නිදහස ලබා ගත් බොහෝ ආසියානු ආර්ථිකයන් හා සසඳන කල එක හා සමානය. එක්සත් ඡනපදයේ වෙසෙන අපේ නයිජීරියානුවන් කොහොමටත් 2016 ඔබ එක්සත් ජනපදයේ ජනාධිපති වනවාට පක්ෂව ඡන්දය.පාවිචිචි කළේ නැත. අපි ඡන්දය පාවිච්චි කළේ හිලරි ක්ලින්ටන්ටය. රාජ්‍ය ලේකම් වශයෙන් හිලරි ක්ලින්ටන් අප්‍රිකාවේ බොහෝ රටවල සංචාරය කළාය. මහාද්වීපයේ සිදුවන්නේ කුමක්ද යන්න ඇය තේරුම්ගෙන ඇති අතර ඇය ඇයගේ හැකියාවන් සමඟ එම ගැටලු නිවැරදි ලෙස කළමනාකරණයට සමත් වූවාය. ඔබ මොනවද නයිජීරියාව ගැන දන්නෙ ට්‍රම්ප්? අඩුම තරමේ ඔබ අප්‍රිකා මහාද්වීපයට අඩියක් හෝ තබා නැත.

ඔබ ඇමෙරිකානු නගරවල දීප්තිමත් විදුලි පහන් දැකීමෙන් පසු තම ‘පැල්පත්වලට’ යෑම ප්‍රතික්ෂේප කළ නයිජීරියානුවන් ගැන කියවන අතර එක්සත් ජනපදයේ ටෙක්සාස්හි ගර්භණී මවුවරුන්ට අති සාර්ථක ශල්‍යකර්ම සිදුකරන, නිදන්ගත කම්පන සහගත එන්සෙෆලෝපති රෝගී තත්ත්වයන් සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ පළමුවැන්නා ආචාර්ය ඔලුවින්කා ඔලුටෝ (Dr. Oluyinka Olutoye) ගැන හෝ ලෝකයේ පළමු හෘද-නෙෆ්‍රොලොජිස්ට් වෛද්‍ය ඔලුරෝටිමි බැඩ්රෝ (Dr. Olurotimi Badero) ගැනවත් ඔබේ ජාතික පැසි පන්දු නායක හකීමි ඔලාජුවාන් (Hakeem Olajuwon) ගැනවත් සඳහන් කරන්නේ නැත. ඇයි ඒ? ඔවුනුත් නයිජීරියානුවන්ය. ඔවුනුත් ඔබේ රටේ නැවතුනේ ඔබේ නගරවල ලයිට් කනු දැකලද ට්‍රම්ප්?

මතක තබා ගන්න ට්‍රම්ප්! මේ ගඳගහන නයිජීරියාවේ ගඳගහන නයිජීරියානුවෙක් 1986දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත් බව. ඒ අපේ වෝල් සොයින්කාය. (Wole Soyinka) තව ගඳගහන නයිජීරියානුවෙක් වූ ෆෙමී කුටි ( Femi Kuti,) ග්‍රැමී සම්මාන සඳහා සිව්වතාවක් නම් කරන ලදි. ඔබට අනුව නයිජීරියාවේ ලාගෝස්හි වීදිවල පාන් අහුලා කමින් සිටි අපේ ඇග්බානි ඩැරෙගෝ (Agbani Darego ) 2001දී ප්‍රථම කළු අප්‍රිකානු ලෝක රූ රැජන බවට පත්වූවාය.

ජනාධිපති ට්‍රම්ප් නිවැරදි ප්‍රකාශයක් කර ඇත. ''ගඳහන නයිජීරියානුවෝ'' ඔව්, එය තමන්වම පරීක්ෂා කර බැලීමට අපේ නායකයන් වෙත යමක් ඉතිරිව තබා ඇත. ඔවුන් විදෙස්ගත වන අතර ඔවුන් වෙනත් රටවල පිළිවෙළ දකින නමුත් අපේ රටේ එම රටවල ඔවුන් දකින යහපත් දේ නැවත නැවතත් කිරීමට ඔවුන් සූදානම් නැත. ඔව්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අපට වඩා පැරණි හා නවීන බව සත්‍යයකි. එහෙත් අපි අධිරාජ්‍යවාදීය. ගහෙන් මිදුනේ 1960දී බව මතක් කර සිටිමි. අවාසනාවකට මෙන් ලෝකය දැන් අපව දකින්නේ හිඟන්නන් ලෙසය. අපව ට්‍රම්ප් ලෝකයට ඉදිරිපත් කර ඇත්තේ එලෙස වන අතර අප කෝපයට පත්වීම වෙනුවට තත්ත්වය වෙනස් කරන්නේ කෙසේදැයි අප අපෙන්ම අසාගත යුතුය. අනෙක් අතට ට්‍රම්ප් අප ජරා සත්තු ලෙසින් හැදින්වීම අශීලාචාර ප්‍රකාශයක් වුවත් එය වක්‍රාකාරයෙන් කියා සිටින්නේ අපේ ජනාධිපතිවරයා 'ඡරා ගොඩක්' බවයි. ට්‍රම්ප්ගේ නයිජීරියානු නීතිය දුප්පතුන්ට එරෙහිව පොහොසතුන් රැකීමය. එය දුප්පත් මිනිසා සුළු සොරකමක් කළ විට හිරේ විලංගුවේ ලන අතර ජාතික නායකයෝ ප්‍රතිවිපාක කිසිවක් නොමැතිව අපේ දේ හොරකම් කරන සැටි බලා සිටිති. අපේ සමස්ත ජාතියම අන්ධය. එබැවින් ට්‍රම්ප්ගේ ප්‍රකාශය නයිජීරියාව නැවත අවදි විය යුතු බවට සිහිකැඳවීමකි.

(පැටීන්ස් ඔග්බෝ - Patience Ogbo)

[උපාලි ජයසිංහ]

News Order: 
1
මාතෘකා