විදෙස්

 ඡායාරූපය:

විදෙස්

මියන්මාරයේ හමුදා ප්‍රධානියා වන මින් ඔන්ග් ලෙන්ග්ට සහ තවත් හමුදා නායකයන් තිදෙනකුට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.

මියන්මාරයේ සුළුතර ජන කොටසක් වන රෝහින්ග්‍යාවරුන්ව 'ජනවාර්ගික සංහාරයකට' ලක් කිරීමට නායකත්වය දීම මෙම පිරිසට එරෙහිව ඇති චෝදනාවයි.

මීට වසර දෙකකට පෙර රෝහින්ග්‍යාවරු 740,000ක් පමණ දේශසීමා තරණය කරමින් බංග්ලාදේශයට පලවා හැරීමට හේතු වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලට මෙම පිරිස වගකිව යුතු බවට විශ්වාසවන්ත සාක්ෂි තමන් සතු බව මෙම සම්බාධක පිළිබඳ හෙළි කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේ මියන්මාරයේ සිදු වූ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයට සහාය වූ එහි හමුදා නායකයන්ට එරෙහිව පියවර ගනු ලැබූ ප්‍රථම රාජ්‍ය ඇමෙරිකා එක්සත් ජනපදනය බවයි.

හමුදා ප්‍රධානියාට අමතරව මියන්මාරයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානී සෝ වින්, බ්‍රිගේඩියර් ජෙනරාල් තන් ඕ, බ්‍රිගේඩියර් ජෙනරාල් ඔන්ග් ඔන්ග් යන අයට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටද එම චෝදනාව යටතේ සම්බාධක පනවා ඇත.

බෞද්ධයන් බහුතරය වෙසෙන මියන්මාරය, මුස්ලිම් බහුතරයක් වන රෝහින්ග්‍යාවරුන්ට මියන්මාරයේ පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ලේඛන ගත නොවූ බංග්ලාදේශ සංක්‍රමණිකයන් ලෙස සලකයි.

මාතෘකා