රන් පතලක අනතුරින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට

 ඡායාරූපය:

රන් පතලක අනතුරින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට

ඊසානදිග ඇෆ්ගනිස්තානයේ රන් පතලක් කඩා වැටීමෙන් තිස් දෙනෙක් මියගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව එරට වාර්තා සඳහන් කරයි. බඩක්ෂාන් ප්‍රාන්තයේ ඇති වූ මෙම අනතුරින් දෙනෙකු තුවාල ලැබූ 13 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇත. කඩා වැටුණු පතලේ ගැඹුර මීටර් 60ක් පමණ වේ. ඇෆ්ගනිස්ථානයේ රත්‍රන් පතල් බොහෝමයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බැවින් කම්කරුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එරට ජාතික ආපදා මධ්‍යස්ථානය සඳහන් කරයි.

මාතෘකා