ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල්සොනරෝ ජය ගනී

 ඡායාරූපය:

ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල්සොනරෝ ජය ගනී

බ්‍රසීල ජනාධිපතිවරණයේන් 55%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය ගැනීමට අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජෙයාර් බොල්සොනරෝ සමත්ව ඇත. ප්‍රතිවාදී අපේක්ෂක ෆර්නැන්ඩෝ හැඩඩ් 45%ක ප්‍රතිශතයක් හිමිකරගෙන ඇත.

ජයග්‍රහණයෙන් අනතුරුව සාම්ප්‍රදායික මාධ්‍ය හමු නොපවත්වා ෆේස්බුක් සජීව ප්‍රකාශයක් හරහා ජනතාව ඇමතීමට බොල්සොනරෝ කටයුතු කළේය. ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජන මීට හේතු වී ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කරයි.

තමන් බ්‍රසීලය අධිකාරීත්වයට ගෙනයනු ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ආරක්ෂා කරන බවත් බොල්සොනරෝ පවසයි.

මාතෘකා