ඛනිජ තෙල් අපනයනයට එරෙහි සම්බාධක අදින් ඇරඹේ

 ඡායාරූපය:

ඛනිජ තෙල් අපනයනයට එරෙහි සම්බාධක අදින් ඇරඹේ

ඛනිජ තෙල් අපනයනය සම්බන්ධයෙන් ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක අද (5) සිට බලපැවැත්වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඉරාන ජනාධිපති හසන් රොහානි ඇමෙරිකා එක්සත් ජනපදයේ තර්ජනවලට තමන් බියපත් නොවන බව ප්‍රකාශ කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය මීට පෙර ද ඉරානයට එරෙහිව සම්බාධක පනවා තිබිණි.

ලොව තෙවැනි විශාලතම තෙල් අපනයනකරුවා වන්නේ ඉරානයයි. කෙසේ වෙතත් ඉරානයේ සම්බාධක චීනය නොසලකා හරිනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. ඇමෙරිකා එක්සත් ජනපදයේ මතය ඉවත දමමින් ඉරානය න්‍යෂ්ටික වැඩපිළිවෙළක නිරත වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය එල්ල කරන චෝදනා මෙම සම්බාධකවලට ආසන්නතම හේතුව ලෙස සැලකේ.

මාතෘකා