බස් රථ අනතුරෙන් 15ක් ජීවිතක්ෂයට

 ඡායාරූපය:

බස් රථ අනතුරෙන් 15ක් ජීවිතක්ෂයට

පසුගිය දා චීනයේ චොංකිං ප්‍රදේශයේදී මීටර් 50ක් උස පාලමකින් යැංසේ නදියට බස රථයක් පෙරළීමෙන් එම බස් රථයේ සිටි මගීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එම බස් රථය පාලමක් මතින් ධාවනය වෙද්දී ගඟට වැටී ඇති අතර බස් රථයේ රියැදුරා, බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ කාන්තාවක් සමඟ ගුටිබැට හුවමාරුවක නිරත වන අයුරු ආරක්ෂක කැමරා දර්ශනවල පටිගතව ඇත. බස් රථය, වේගයෙන් ධාවනය වෙමින් පැමිණ විරුද්ධ මං තීරුවට මාරු වී ආරක්ෂක වැට ද බිඳගෙන ගඟට වැටෙන තෙක් දර්ශන එම වීඩියෝ පටයෙහි ඇතුළත්ය.

රියැදුරාට පහර දී ඇත්තේ, 48 හැවිරිදි ලියු නමැති කාන්තාවක බවට හඳුනාගෙන ඇති අතර, ඇය බස් රථයෙන් බැසිය යුතු ස්ථානය පසුකර යාම හේතුවෙන් කෝපයට පත්ව එම පහර දීම කර ඇති බව පොලිසිය පවසයි.

මාතෘකා