MH17 ගුවන් යානයට ප්‍රහාර එල්ල කළේ රුසියාව බව තහවුරු වේ

 ඡායාරූපය:

MH17 ගුවන් යානයට ප්‍රහාර එල්ල කළේ රුසියාව බව තහවුරු වේ

2014 වර්ෂයේ ජුලි මාසයේදී ඇම්ස්ට්‍රඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ රුසියාව බව ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෙළිව තිබේ.

මෙම ප්‍රහාරයෙන් ගිනි ගෙන කඩා වැටුණ ගුවන් යානයේ සිටි මඟීන් 283 සහ ගුවන් සේවකයින් 15 දෙනා ජීවිතක්ෂයට පත් වූහ. යුක්‍රේන - රුසියා දේශසීමාවට කිලෝ මීටර් 50ක දුරකින් තිබියදී මෙම ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වූ අතර මුල සිට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල වූ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ජාත්‍යන්තර පරීක්ෂණයෙන් හෙළි වූ කාරණා, නෙදර්ලන්තයේ බනික් නගරයේදී පසුගිය බදාදා මාධ්‍යයට නිකුත් කෙරිණ.

අදාල වාර්තාවට අනුව එම මිසයිලය නිකුත් කර ඇත්තේ රුසියාවේ කර්ස්ක් නගරයේ පිහිටි 53වන ගුවන් යානා නාශක බලඝනයෙන් වන අතර එම මිසයිලය ප්‍රවාහනය කළ රථවාහන රුසියානු යුද හමුදාවට අයත ඒවා බවත් තහවුරු වී ඇත.

මාතෘකා