ෆේස්බුක් සභාපති යුරෝපා පාර්ලිමේන්තුව හමුවට

 ඡායාරූපය:

ෆේස්බුක් සභාපති යුරෝපා පාර්ලිමේන්තුව හමුවට

මිලියන 50කට අධික ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ රහස්‍ය තොරතුරු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ සටන සඳහා කේම්බ්‍රිජ් ඇනලටිකා ආයතනය යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය හමුවේ හේතු දැක්වීම සඳහා ෆේස්බුක් හි සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වන මාර්ක් සකර්බර්ග් යුරෝපා පාර්ලිමේන්තුවට කැඳවා ඇත.

යුරෝපයේ නව දත්ත ආරක්ෂණ පනත ඉදිරිපත් කිරීමට කෙටි කලකට පෙර මෙලෙස යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඔහුට සිදු විය. තම වගකීම් පිළිබඳව පුළුල්ව සලකා නොලැබීම ෆේස්බුක් ආයතනයේ වරදක් බව මාර්ක් පිළිගත් අතර ඒ පිළිබඳව සමාව අයැදීය. එමෙන්ම යුරෝපා සංගමය මඟින් හඳුන්වාදීමට අදහස් කරන නව දත්ත ආරක්ෂණ පනතට අනුව කටයුතු කිරීමට තමන් සූදානම් බවද ෆේස්බුක් සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හඳුනා ගැනීම සඳහා කෘත්‍රීම බුද්ධියේ සහය ලබාගන්නා බවද මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම ආයතනයේ රහස් දත්ත ඇතුළත් පරිගණක යුරෝපයෙන් පිට ස්ථානගත කිරීම සම්බන්ධයෙන් සහ ඉලක්කගත දැන්වීම් යොමු කිරීම ගැන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකීමට ඔහු කටයුතු කළේය.

මාතෘකා