BJPය අර්බුධයක:  මන්ත්‍රීවරයෙකුගේ ලන්සුව කොටි 100යි | ඇස පාදන රැස


BJPය අර්බුධයක:  මන්ත්‍රීවරයෙකුගේ ලන්සුව කොටි 100යි

 ඡායාරූපය:

BJPය අර්බුධයක:  මන්ත්‍රීවරයෙකුගේ ලන්සුව කොටි 100යි

භාරතීය ජනතා පක්ෂය කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස ආසන 104ක් ලබා ගත්ත ද බලය පිහිටු වීම අර්බුධයක් බවට පත්ව තිබේ.

ඒ, කොංග්‍රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත වන බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

කෙසේ නමුත් ජනතා දාල් පක්ෂයේ එච්. ඩි. කුමාරස්සාමි චෝදනා කලේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත කොටි 100ක අල්ලස් ලබා දීමට භාරතීය ජනතා පක්ෂය උත්සහ දරන බවයි.

කර්ණාටක ප්‍රාන්ත සභාවේ බලය තහවුරු කර ගැනීමට ආසන 112ක් අවශ්‍ය වේ.

නමුත් භාරතීය ජනතා පක්ෂය සතුව ඇත්තේ ආසන 104 ක් පමණි. කොංග්‍රස් පක්ෂය, ආසන 78 ක් ජයගත් අතර ජනතා දාල් පක්ෂය ආසන 37 ක් ජය ගෙන තිබේ. ඒ අනුව එම පක්ෂ දෙකට ආසන 115ක බහුතර බලයක් හිමිව තිබේ.

මාතෘකා