ගොවිතැනේ කලාව අල්ලා ගත් ජපාන ගොවියෝ

 ඡායාරූපය:

ගොවිතැනේ කලාව අල්ලා ගත් ජපාන ගොවියෝ

'ගොවිතැන කුසට ආහාරයක් පමණක් නොව ඇසට ප්‍රිය උපවන දර්ශනයක්ද, හදවතට සතුටක්ද ගෙන දෙන මාර්ගයක් බවටද අපි පත්කර තිබෙි.' - අමෝරි නගරාධිපති, ජපානය

ජපානයේ හොන්ෂු දුපතේ අමෝරී ප්‍රන්තයේ ගමිමානයකි, 'ඉනකදතේ'. එය වසර 2000ක් පැරණි, වී වගාව පිළබද කීර්තිමත් ඉතිහාසයක් හිමි ගමිමානයකි. නව වී වර්ග 4ක් එය ජපානයට හඳුන්වා දී තිබෙි. ඉනකදතේ මිනිසුන්ට ස්වකීය ගමිමානෙයේ දැවැන්ත කුඹුරු යායන්හි හැමදාම දකින ඒකාකාරී දර්ශනය වෙනසක් කිරීමට අවශ්‍ය විය.

ඔවුහු ඒ සඳහා චිත්‍රකලාව මෙයට සමිබන්ධ කළ හැකිදැයි පරීක්ෂණ පැවත්වූහ. ඔවුනගේ උත්සාහය සාර්ථක හා මනරම් විය. ඔවුහු කුඹුරුයායේ සිත්තම් කළෝය. කැන්වසයක පාට කලතා ගොයමි ගස් මත ඇතිල්ලීමෙන්ද? නැත.

ඔවුන් සිත්තම නිමකළේ, ඒ ඒ වර්ණවලට ගැළපෙන වී පැළ කුඹුරේ සිටුවමිනි. කළු වර්ණය වෙනුවට ඔවුන් භාවිතා කලේ පැළ රහිත මඩ කුඹුරු තීරයන්ය. 1993 ඔවුහු සිය පළමු ගොයමි කලා ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘත කළෝය.

1993 දී ඇරඹි මෙම ගොයම් කලාව නැරඹීමට සෑම වසරකම අප්‍රියෙල් සිට ජුනි මස දක්වා සංචාරකයන් ලක්ෂ 3ක් පමණ එතැයි ගණන් බලා තිබෙි. සමිපුර්ණ කුඹුරු යායම නැරඹිය හැකි සේ ඉනකදතේ ගොවියෝ කුඹුරු මධ්‍යයේ මීටර් 22ක් උසැති බල කොටුවක ස්වරූපයේ අට්ටාලයක් ඉදි කර ඇත.

ඒ සඳහා ඔවුහු නරඹන්නනගෙන් යම් මුදලක් අය කරති. එකී මුදල ඉනකදතේ නගරය සංවර්ධනය කිරීම සඳහා එහි නගර සභාව ලබාගනී. එම මුදලින් ඔවුහු සිය නගරය ලස්සන කරති.

මෙම ගොයම් කලාව ජපාන මිනිසුන් හඳුන්වන්නේ 'මංගා' යන නමිනි. එහි ජපාන අදහස කාටුන් චිත්‍ර ශිල්පය වැනි අදහසක් ගෙන එයි. එක් එක් වර්ෂයන්හි කුඹුරේ චිත්‍රනය කරන සිතුවම විවධ තේමා ඔස්සේ නිර්මාණය කරයි.

මුල්ම ගොයම් නිර්මාණය ලියනාඩෝ ඩාවින්චි ගේ 'මොනා ලීසාය'. 2018 ඔවුන්ගේ කලා නිර්මාන ජපානයේ 1989 දී මිය ගිය ඡනප්‍රිය කාටුන් චිත්‍ර ශිල්පී 'ඔසාමු තෙසුකා'ගේ කාටුන් චරිත කිහිපයකි. ඔසාමුව ජපානය හැඳින්වූයේ 'වෝල්ට ඩිස්නි' යන නාමයෙනි. ඔහු පිළිකාවකට ගොදුරව මිය යන විට ඔසාමු ගේ 'ඇස්ට්‍රො බෝයි' නමති කාටුන් චරිතය ජපානය තුළබොහෝ ජනප්‍රියව තිබුණි. ඔහු මිය ගියේ මාරාන්තික පිළිකාවකට ගොදුරුවය. මෙි ඔහුගේ 90 වැනි සංවත්සර වර්ෂයයි.

ඉනකදතේ අනුකරණය කරමින් දැන් ජපානයේ හොකයිඩෝ දූපතේත් විවිධ පළාත්වල කුඹුරුවල මෙම 'මැන්ගා' කලාව ප්‍රචලිත කිරීමට උත්සාහ දැරුවද ඉනකදතේ තරමි මනරම්ව හා සිත් ඇදගන්නාසුලු ආකාරයට සිතුවමි මැවීමට හොකයිඩෝ දුපතේ අනෙකුත් කුඹුරු හිමියෝ අපෙහොසත්ය.

ඉනකදතේ කොතරමි ජනප්‍රියද යත් 2008 දී 'එයාර් ජැපෑන්' නැමති ජපානයේ ජාතික ගුවන් සමාගමටත්, ජපානයේ දිනපතා පුවත්පතක් වු 'ටො ඕ නිපෝ' පුවත්පතේ අයිතිකරුවනුත් තම වෙළෙඳ සලකුණ කුඹුරු මධ්‍යයේ නිර්මාණය කිරීමට අවශ්‍ය විය. ඔවුන් එය නිර්මාණය කරදෙන ලෙසට එහි නගර සභාවෙන් ඉල්ලීමක් කළෝය.

ඒ සඳහා ඔවුහු යෙන් මිලියන දෙකක මුදලක් නගර සභාවට දීමට එකඟ වූහ. මෙය කන වැකුණු ඉනකදතේ ගොවියෝ එය දැඩිව ප්‍රතික්ෂේප කළෝය. තම කුඹුරු වෙළඳාම ප්‍රවර්ධනය කරන ප්‍රචාරක ආයතනයක් නොවන බවත් එය කලාත්මක වින්දනය උදෙසා පමණක් විවෘතව පවතින බවත් ඔවුහු පවසා සිටියහ.

ලෝකයේ කෘෂි ක්ෂේ්ත්‍රෙය් දැවැන්තම හා මනරම්ම ගොයම් කලාව ඉනකදතේ ගමිමානය සතුය. එය මීටර් 15,000 ක වපසරියක් පුරා විහිදෙයි. 70 හැවිරිදි ගොවියෙක් වූ 'සුසුකි' මෙසේ පවසයි. 'මේ මැන්ගා කලාව කරන්න ඉස්සෙල්ල අපේ පාරවල් කැඩිල, පාලම් දිරලා. නගරය කිසි පිළිවෙළකට නැතිවයි තිබුණේ.

අපිට ඒවාට වියදම් කරන්න සල්ලි තිබුනේ නෑ. සංචාරකයො වුණත් මෙහේ එන්නේ කලාතුරකින් මොකද අපිට මුහුදක්, කඳු යායවල්, දිය ඇලි වගේ දේවල් තිබුනේ නෑනේ. ඒ වුණාට අපිට තිබුණා වී. ඔන්න දැන් දැක්කනෙ අපි කරපු හරිය!

[උපාලි ජයසිංහ]

මාතෘකා