ඇෆ්ගනිස්තාන යුද්ධයෙන් 1600දෙනෙක් මරුට

 ඡායාරූපය:

ඇෆ්ගනිස්තාන යුද්ධයෙන් 1600දෙනෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ පවතින දිගු කාලීන යුද්ධය හේතුවෙන්, මේ වසරේ මුල් මාස හය තුළ මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ළඟාවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මුල් මාස හය තුළ මරණ 1,692 ක් වාර්තා වී ඇති අතර, සටන්කාමීන්ගේ ප්‍රහාර සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මෙම මරණවලට ප්‍රධාන හේතු වේ.

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන අන්දමට පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව, මේ වසරේ මරණ සංඛ්‍යාව 1% කින් ඉහළ ගොස් තිබේ.

මාතෘකා