දරුවන් බිම් මහලක සිර කළ ළදරු පාසලක්

 ඡායාරූපය:

දරුවන් බිම් මහලක සිර කළ ළදරු පාසලක්

ඉන්දියාවේ කාන්තා පාසලක සිසුවියන් දහසය දෙනෙකු ගොඩනැගිල්ලක බිම් මහලක පැය පහක කාලයක් සිර කර තැබූ බවට දිල්ලි අගනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ළමුන්ගේ දෙමව්පියන් පාසල් ගාස්තු නොගෙවීම මෙලෙස ඔවුන් රඳවා තබා ගැනීමට හේතු වී ඇත.

ළදරු පාසලකට අයත් මෙම දරුවෝ අවුරුදු හතර සිට හය අතර වයසේ පසුවෙති.

පාසල් බලධාරීන් දේශීය මාධ්‍යයට පැවසුවේ සිසුවියන් "නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීමට වෙන්වූ කාමරයක" රඳවා තැබූ බවය. නමුත් ඒ ගැන වැඩිදුර විස්තර මේ දක්වා ප්‍රකාශ කර නැත.

සිය දියණියන් රැගෙන ඒමට පාසලට ගිය අවස්ථාවේදී ඔවුන් පංති කාමරයේ නොසිටි අතර, පසුව ඔවුන් පාසල් ගොඩනැගිල්ලේ බිම් මහලේ රඳවා තිබියදී සොයාගත් බව දෙමව්පියෝ පවසති.

මාතෘකා