සවුදි බිලියනපතියා යළි නිවසට | ඇස පාදන රැස


සවුදි බිලියනපතියා යළි නිවසට

 ඡායාරූපය:

සවුදි බිලියනපතියා යළි නිවසට

ප්‍රකට සවුදි ව්‍යාපාරිකයෙකු වන අල්වලීඩ් බින් තලාල් කුමරු මාස දෙකක අත්අඩංගුවෙන් මුදවා තිබේ. රජ පවුලේ සාමාජිකයින්, ඇමතිවරුන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සමඟ අල්වලීඩ් කුමාරයාද මූල්‍ය දුෂණ චෝදනා මත අත්අඩංගුවේ පසුවූයේ සවුදියේ රිට්ස් කාල්ටන් හෝටලයේය.  

ෆෝබ්ස් සඟරාවට අනුව අල්වලීඩ් කුමාරයාගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 17ක් වන අතර ඔහු ට්විටර් සහ සිටි සමූහයේ ප්‍රමුඛ කොටස් හිමියෙකි.

රොයිටර් වාර්තාවලට අනුව අත්අඩංගුවේ පසු වූවන්ට නිදහස ලබාදීම වෙනුවට ඔවුන්ගේ වත්කම් සහ මුදල් යළි ලබාදෙන ලෙස එරට රජය බලපෑම් එල්ල කර ඇත.