ඇමෙරිකා එක්සත් ජනපදය හිටපු ජනපතිට ලෝක නායකයන්ගේ අවසන් ගෞරවය

 ඡායාරූපය:

ඇමෙරිකා එක්සත් ජනපදය හිටපු ජනපතිට ලෝක නායකයන්ගේ අවසන් ගෞරවය

ඇමෙරිකා එක්සත් ජනපදයේ 41වැනි ජනපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ අවමඟුල් උළෙල පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ (5) පැවැත්විණි. හූස්ටන්හි පිහිටි සිය නිවසේදී පසුගිය සිකුරාදා (30) ඉය යන විට ඔහු 94 හැවිරිදි වූවේය. හිටපු ජනපතිවරයාගේ අවමඟුල හේතුවෙන් ඊයේ එක්සත් ජනපදයේ ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබිණි. අවමංගල උත්සවය ආරාධිතයන්ට පමණක් සීමා වූ අතර වොෂිංටනයේ ප්‍රධාන ජාතික දේවස්ථානයේදී පැවැත්විණි. 2007 දී පැවති එක්සත් ජනපදයේ 38වැනි ජනපතිවරයා වූ ජෙරල්ඩ් ෆොර්ඩ්ගෙ අවමඟුලෙන් පසු මෙම දෙව් මැඳුරේදී පැවැත්වූ ප්‍රථම රාජ්‍ය නායක අවමඟුල් උත්සවය මෙයයි.

අවමඟුල් උත්සවයට එක්සත් ජනපදයේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් සහභාගි වූහ. ඊට අමතරව හිටපු ජනපතිවරුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ සහ විදෙස් රාජ්‍යය නායකයෝ රැසක්ද ඒ සඳහා සහභාගි වූහ.

ඒ අතර හිටපු ජනපතිවරු සහ එම ආර්යාවන් වන බැරැක් ඔබාමා - මිචෙල් ඔබාමා, බිල් ක්ලින්ටන් - හිලරි ක්ලින්ටන්, ජිමී කාටර් - රොසලින් කාටර් යන අය සහභාගි වී තිබිණි.

විදෙස් රාජ්‍යය නායකයන් අතර ජෝර්දානයේ අබ්දුල්ලා රජු, ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල්වරයා, පෝලන්ත ජනපති, ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් යන අය මෙන්ම ජපානය, එස්ටෝනියාව, කුවේට් සහ කටාර් යන රාජ්‍යයන් වන හිටපු රාජ්‍ය නායකයෝද පැමිණ සිටියහ.

 

මාතෘකා