උතුරු කොරියාව න්‍යෂ්ඨික පර්යේෂණ නවතයි

 ඡායාරූපය:

උතුරු කොරියාව න්‍යෂ්ඨික පර්යේෂණ නවතයි

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්, එරට කෙරෙණ න්‍යෂ්ඨික පර්යේෂණ ස්ථාන මැයි වසා දමන බවත්, එම අවස්ථා දැක බලාගැනිම සහ විනිවිදභාවය උදෙසා දකුණු කොරියානු සහ ඇමෙරිකානු විශේෂඥයන් සහ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දෙනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තව සති තුනක් හෝ හතරක් ඇතුළත තමා සහ උතුරු කොරියානු ජනාධිපතිවරයා අතර හමුව සිදුවන බව පවසා ඇත. මෙවැනි පසුබිමක උතුරු කොරියානු නායකයාගේ තීරණය දැඩි වැදගත් කමක් උසුලයි.
පසුගිය සිකුරාද උතුරු සහ දකුණු කොරියානු ජනාධිපතිවරුන් අතර සිදුවූ ඓතිහාසික හමුවේදි මෙ‍ෙතක් හෙළි නොකළ රහසක් හෙළි කිරීමටද කිම් ජොන් උන් කටයුතු කර ඇත. ඒ දකුණු කොරියාව හෝ ඇමෙරිකාව ඉලක්ක කොට න්‍යෂ්ඨික අවි භාවිත කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නොතිබූ බවයි.
කෙසේ වෙතත් උතුරු කොරියානු ජනාධිපතිවරයා 'න්‍යෂ්ඨික පර්යේෂණ නැවැත්වීම' යනුවෙන් නිර්වචනය කරන ආකාරය සහ දකුණු කොරියාව එය නිර්වචනය කරගන්නා ආකාරයේ වෙනසක් පැවතිය හැකි බව විදෙස් විචාරකයන් පෙන්වා දී ඇත.

මාතෘකා