ඔස්කාර් ඉඟියක් Joker

 ඡායාරූපය:

ඔස්කාර් ඉඟියක් Joker

Joaqin phoenix කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිතාංග නළුවෙක්. Joker සිනමාපටය වේලාසනම joaqinගේ චරිතය ගැන ඉඟි සපයනවා. පසුගිය අගෝස්තු 28 වැනිදා ඇරඹුණු ‘වැනීස්’ සිනමා උලෙළේදී Joker සිනමාපටයට ලැබුණු විනාඩි 8ක නොනවතින ප්‍රේක්ෂක අත්පොලසන් නාදය එක්තරා ආකාරයකට සිනමාපටයේ අන්තර්ගතය ගැන තක්සේරුවක්. මොකද සිනමා ඉතිහාසයේම ඒ ආකාර අවස්ථාවලදී එවැනි ප්‍රතිචාර ලැබුණේ ඉතා සීමිත නිර්මාණ කිහිපයකට පමණයි.

මේ ඡායාරූපයත් Joaqinගේ නිර්මාණ ජීවිතයේ කඩඉම් දෙකක නිරූපණයක්. වම්පස සේයාරුව 2013 වසරේදී ඔහු චරිත නිරූපණය කළ Her සිනමාපටයෙන්. දකුණු පසින් Joker. නිර්මාණ ද්විත්වයේම එක හා සමාන රූප රාමු දෙකකින් joaqinගේ රූපය නිර්මාණය කර තිබෙනවා. ඒක හොඳ සිනමා කියවීමක්. Her කියන්නේ විශිෂ්ට නිර්මාණයක්. ඒ ගැන තර්කයක් නෑ. නමුත් Joker කොහොම වෙයිද?

joker සිනමාපටය ඔක්තෝබර් 8 වැනිදා තිරගත වීමට නියමිතයි. මෙය DC Comic universe සහ ගොතම් නගරය හා සම්බන්ධ කතා තේමාවක් වුවත් Batman සහ Caped crusaders සිදුවීම් කිසිවක් හා සම්බන්ධ කර නැති වීමත් විශේෂත්වයක්. විචාරකයන් නම් කියන්නේ ඒ හේතුව නිසාම මේ සිනමාපටයට Mainstream ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නොවීමේ ප්‍රවණතාවක් තිබෙන බවයි. කොහොම නමුත් එම අදහස ප්‍රතික්ෂේප කරන සිනමාපටයේ අධ්‍යක්ෂ Todd phillip පවසන්නේ මෙම නිර්මාණය පළමු දිනයේ පමණක් ඩොලර් මිලියන අසූවක ආදායමක් උපයන බවයි. නමුත් නිෂ්පාදක සමාගම වන warner brothers සමාගමේ ඇස්තමේන්තුව නම් ඩොලර් මිලියන 55ක්. කෙසේ හෝ වේවා Arthouse සිනමාලෝලීන් අතර නම් මේ නිර්මාණය බොහෝ සේ ජනප්‍රිය වනු ඇති බව විචාරකයන් විශ්වාස කරනවා. ඒ හේතුව නිසාම Joker සිනමාපටය ලබන වසරේ Oscar සම්මාන උලෙළේ යම් පෙරළියක් කළ හැකි බවටත් ඔවුන් මත පළ කරනවා.

[අයේෂ් ලියනගේ]

News Order: 
4
මාතෘකා